දේශීය පුවත්

ගංවතුරෙන් අවතැන්වූ උතුරේ ජනතාවගේ පිහිටට මේ අවස්තාවේ සිටින්නේ යුද හමුදාව පමණක් බවත්, දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියන දෙමළ ඩයස්පෝරාවේ මේ අවස්තාවේ එම ජනතාවට පිහිට නොවන්නේ මන්දැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ප්‍රශ්න කරයි.

පසුගිය යුද සමයේ මියගිය අය පිළිබඳව නිතර කතාබහ නොකර උතුරු නැගෙනහිර ගංවතුරෙන් පීඩා විඳින අහිංසක ජනතාව ජීවත් කරවීමට ආධාර කරන්නැයි දෙමළ ඩයස්පෝරාවට තමා කියා සිටින බවද යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියි.

උතුරු සහ නැගෙනහිර ජනතාව පිළිබඳව ඩයස්‌පෝරාවට අනුකම්පාවක්‌ ඇත්නම් ඔවුන් ගැන සොයා බලා මේ මොහොතේ ඔවුන්ට උපකාර කළ යුතුව තිබෙන නමුත් අදත් හෙටත් කවදත් එම ජනතාවගේ දුක සැප බලන්නේ යුද්ධ හමුදාව බව කී හමුදාපතිවරයා අද උතුරේ සෑම ලේ බැංකුවකම පවතින්නේ රණවිරුවන් පරිත්‍යාග කළ ලේ වර්ග යෑයිද පෙන්වා දෙයි.

දෙමළ ඩයස්‌පෝරාව මියගිය පුද්ගලයන් වෙනුවෙන්ම කතා කරන නමුත් උතුරු නැගෙනහිර පළාත්වල ජීවත් වන පුද්ගලයන්ගේ යහපත වෙනුවෙන් ක්‍රියා නොකිරීම ගැන කනගාටුවන බවද වැඩිදුරටත් අදහස් දක්වමින් හමුදාපතිවරයා කීයා සිටියි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More