විදේශ පුවත්

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලානියා ට්‍රම්ප් හදිසියේම නත්තල් සංචාරයක් සඳහා ඉරාකයේ පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරක් වෙත පැමිණ තිබේ.

නත්තල් දින රාත්‍රියේ අල්-අසාද් ගුවන් හමුදා කඳවුරට පැමිණි ජනපති යුවළ ඇමෙරිකානු හමුදාවේ සේවය, ඔවුන්ගේ සාර්ථකත්වය මෙන්ම, ඔවුන් සිදුකරන කැපකිරීම මෙහිදී ඇගයීමට ලක්කර ඇත.

එමෙන්ම, ඇමෙරිකානු හමුදා දැන්ම ඉරාකයෙන් ඉවත්කර ගැනීමේ අදහසක් නොමැති බවද ට්‍රම්ප් මෙහිදී පවසා තිබේ.

ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ජිම් මැටිස් සිය ධුරයෙන් ඉවත්ව සතියක් ගෙවීයාමට මත්තෙන් මෙම සංචාරය සිදුවීමද විශේෂත්වයකි.

ඉරාකය ආක්‍රමණය කළ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ගේ තවදුරටත් තැන තැන විසිරී සිටින පිරිස් සමග සටන් වදින රජයේ හමුදාවලට සහාය දැක්වීම සඳහා ඇමෙරිකානු හමුදාවේ 5,000ක පමණ භට පිරිසක් තවදුරටත් එරට රැඳී සිටිති.

කෙසේ වෙතත්, මෙම සංචාරයේදී ඉරාක අගමැතිවරයා සමග පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව අවලංගු කෙරුණත්, වොෂිංටනයේ සංචාරයකට කෙරුණු ආරාධනය ඉරාක අගමැතිවරයා භාරගෙන තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More