දේශීය පුවත්

මාවනැල්ල, කඩුගන්නාව ආදී ප්‍රදේශවල බුදුපිලිම කඩා දමමින් ජාතිවාදී ගැටුම් ඇවිල වීමට යම් සංවිධානාත්මක ක්‍රියාවලියක් දියත් වී තිබෙන බව ඉතා පැහැදිලි බවත් එහි අවසන් අරමුණ ජාතිවාදී ගැටුම් අවුළුවා විදේශීය මැදිහත්වීමකට පාර කැපීම බවත් සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර මහතා පවසයි.

අද(27) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමරසේකර මහතා මේ බව කියා සිටියේය.

කොසොවෝ රාජ්‍යය බෙදා වෙන් කිරීමේදී නේටෝ හමුදාව මැදිහත් වූයේ එවැනි මරා ගැනීම් දඩමීමා කරගනිමින් බව සඳහන් කළ ඒ මහතා එවැනි තත්ත්වයක් වළක්වාගැනීම සඳහා වහාම
ජනාධිපති කොමිසමක් පත්කොට ජාතිවාදී ගැටුම් පිළිබඳ සොයා බලා වගඋත්තරකරුවන් එළිදරව් කොට දඬුවම් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සහ රජරට අනුරාධ තෙන්නකෝන් මහතාද ජාතිවාදී ගැටුම් පිළිබඳ දීර්ඝ වශයෙන් කරුණු දැක්වීය.

a

බුදු පිළිම කඩමින් ජාතිවාදය අවුස්සන්නේ විදේශීය මැදිහත්වීමකට පාර කපා ගැනීමටයි – ජාතික සංවිධාන එකමුතුව

Gepostet von Lanka Lead News am Donnerstag, 27. Dezember 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More