දේශීය පුවත්

වත්මන් කැබිනට් මණ්ඩලයේ සංඛ්‍යාව 30ට වඩා වැඩි විය යුතු බව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර නැවත අවධාරණය කරයි.

මේ වනවිට අමාත්‍ය ධුරයක් ලැබී නොමැති එහෙත් අමාත්‍ය ධුරයක් ලබාදිය යුතු යැයි ඔහු විසින් යෝජනා කරන මන්ත‍්‍රීවරුන්ගේ නම් ද සඳහන් කරඇත.

ඊයේ (26) රාත‍්‍රියේ ගුවන්විදුලි නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් “මේ රටේ ලොකුම කැබිනට් එක තිබ්බේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලෙනේ. 58 දෙනෙක්. අපි කියන්නේ මේ ආණ්ඩුව කරන්න ඉඩ දෙන්න..මේ ආණ්ඩුව කරන්න තහංචි දාන්න එපා. ඇමති මණ්ඩලය 35කට 36කට ගියාට ප්‍රශ්නයක් නෑ. අපි කියන්නේ එක්සත් ජාතික පක්ෂය තනි බලයක් තිබ්බා නම් 30 දෙනා තමයි. නමුත් පක්ෂ එකතු කරනකොට අපිට අමාරුයි ඒ සීමාවේ ඉන්න. රවීන්ද්‍ර සමරවීර, සරත් ෆොන්සේකා, වසන්ත සේනානායක, රංගේ බණ්ඩාර, ෆවුසි මැතිතුමා…පියසේන ගමගේ.. මේ අයට ඇමතිකම් දෙන්න අවශ්‍යයි.” යනුවෙන්සදහන් කර ඇත.

ජනාධිපතිවරයා ද කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධුරයක් හොබවන බවද සදහන් කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More