දේශීය පුවත්

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තේරී පත්වූ මන්ත්‍රිවරුන් තවදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන බව දන්වමින් තමා කථානායක කරු ජයසූරිය වෙත යැවූ ලිපියට මේ වන තුරුත් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද අමරවීර පවසයි.

විපක්ෂ නායක ධුරය සඳහා එ.ජ.නි.ස. පාර්ශ්වයෙන් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාව නම් කිරීමත් සමඟ එ.ජා.ප.ය හා දෙමළ ජාතික සන්ධානය ඒ සම්බන්ධව සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා සිටි අතර එ.ජ.නි.ස.ය පාර්ශ්වයෙන් කථානායකවරයාට මේ දැනුම්දීම සිදු කළ බවද අමරවීර මහතා පවසයි.

විපක්ෂ නායකවරයා තේරීම පිළිබඳව ප්‍රකාශයක් සිදු කරන බවට කථානායක කරු ජයසූරිය මීට පෙර ප්‍රකාශ කළද මේ වන තුරුත් එවැනි කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බවත්, හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ පක්ෂයේ සාමාජිකත්වය පිළිබදව හෝ එ.ජ.නි.ස.යෙන් කිසිදු විමසීමක් සිදුකර නොමැති බවත් ඔහු පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More