දේශීය පුවත්

තමන් එක්ක කලින් හිටිය ඒ ආණ්ඩුවේ තමන්ට දායකත්වය දුන්න හොරුන්ගේ ඇගිල්ලක්, අතක්, බෙල්ලක් කපලා දැම්මා නම් අන්න රටේ ජනතාව මෛත්‍රීපාල මහත්තයාට තව අවුරුද්දක් දෙන්න ඕනේද කියලා තීන්දුවක් ගන්න හිතලා බලාවී යන්නරාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.

ඒ පසුගියදා පැවති ජන හමුවකට එක්වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“විශේෂයෙන්ම අපි ජනාධිපතිතුමාට මතක් කරනවා. එතුමා කිව්වා එතුමාට කඩුවක් තියෙනවා කියලා. එතුමා භගවත් ගීතාව ගැන මතක් කරලා කිව්වා ඒ කඩුව වනන කොට කවුරු කැපෙයිද දන්නේ නැහැ කියලා. හැබැයි එතුමා කඩුව පොඩ්ඩක් වනලා කවුරුත් කැපුණේ නැති වෙලාවේ පොඩ්ඩක් කඩුව දාලා රනිල් වික්‍රමසිංහ මහත්තයගේ පොඩ්ඩක් හීරුවා. හෙට්ටඅප්පුහාමි මහත්තයලගේ අපෙත් පොඩ්ඩක් හීරුවා. අපිටත් මඩ වැදුණා. අලි හොරු ටික ලංකාව පිටින් ගිලපු එවුන් ඉන්නවා. 2008 ඉදලා කොමිසම් වාර්තාවේ කියනවා බිලියන 4000ක් හොරකම් කරා කියලා මෛත්‍රීපාල මහත්තයා හිටපු ආණ්ඩුව.”

“එහෙනම් බැසිල්ලා, ගෝඨලා, නාමල්ලා, විමල්ලා, ගම්මන්පිලලා විශාල පිරිසක් ඉන්නවා ඔය කඩුවෙන් හොදට කපන්න පුළුවන්. ඔය එකෙක්වත් කැපෙන්නේ නැහැ මෛත්‍රී මහත්තයාගේ කඩුවට. එකෙක්ගේ ඇගිල්ලක් කපලා පෙන්නන්න පුළුවන් නම්. කැපෙන්නේ නැහැ. වනලා වනලා අපිව සීරුනා විතරයි. තමන් එක්ක කලින් හිටිය ඒ ආණ්ඩුවේ තමන්ට දායකත්වය දුන්න හොරුන්ගේ ඇගිල්ලක්, අතක්, බෙල්ලක් කපලා දැම්මා නම් අන්න රටේ ජනතාව මෛත්‍රීපාල මහත්තයාට තව අවුරුද්දක් දෙන්න ඕනේද කියලා තීන්දුවක් ගන්න හිතලා බලාවී. එහෙම නැත්තම් එතුමා දේශපාලන කරලා, එක්සත් ජාතික පක්ෂයට ගහලා, ඔය කඩුව ආපහු වනලා ඉනේ දාගත්තොත් එහෙම මේ රටේ දේශපාලනේ ඉදිරි ගමනක් එතුමන්ලාට නැහැ.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More