දේශීය පුවත්

ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් සිදු වි නොමැති බව දැනට සිදු කළ පරික්ෂණ වලින් මේ වනවිට අනාවරණය වී ඇති බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකරන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීම සඳහා මහනුවරට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

නීතිය හා සාමාය අමාත්‍යංශය සදහා තමන්ව පත් කරන ලෙස අගමැතිවරයා ජනාධිපතිවරයාට දන්වා යවා ඇති බවත් ඉදිරියේදී ජනාධිපතිවරයා ඒ අනුව කටයුතු කරනු ඇති බවත් ඇමතිවරයා කීය.

කෙසේ නමුත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අවස්ථා කිහිපයකදීම රට හමුවේ කියා සිටියේ තමන් හා හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඝාතනය කිරීම සදහා කුමන්ත‍්‍රණයක් සිදුව ඇති බවත් ඊට ආණ්ඩුවේ පාර්ශවයන් සම්බන්ධ බවත්ය.

ඒ සම්බන්ධයෙන් වන පරීක්‍ෂණ සදහා බාධා නොවන පිරිදි නීතිය හා සාමය අමාත්‍යංශය තමන් යටතේ තබා ගන්නා බවද ජනාධිපතිවරයා සදහන් කර ඇත.

අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා සහ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය ඇතුලු පිරිස මහනුවර පැමිණ ප්‍රථමයෙන් අස්ගිරි මහා විහාරයට පැමිණ අස්ගිරි පාර්ශ්‍රවයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ නා හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව ඔවුන් මල්වතු පාර්ශ්‍රවයේ මහ නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නා හිමියන්ද බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More