දේශීය පුවත්

මාවනැල්ලේ බුදුධ ප්‍රතිමා වහන්සේ වැනසු පුද්ගලයින්ට දැඩි දඩුවම් ලබාදෙන ලෙස ඉල්ලා හෙළ බොදු සවියේ නිර්මාර්තෘ බුදුගල ජනවංශ හිමියන් ජනපතිවරයාට ලිපියක් යවා ඇත.

පසුගිය දිනක මාවනැල්ල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක බුද්ධ ප්‍රතිමා වනසා දැමූ පුද්ගලයෙකු තවත් එවැනි පිළිමයක් වනසා දමන්නට තැත් කරන්නට යෑමේ දී හසුව පොලිසිය වෙත භාර කර ඇත. ඉනික්බිතිව ප්‍රදේශවාසීන් විසින් හා ස්වාමින් වහන්සේලා අප වෙත එකී තරුණයා මුදා හැරීමට අවශ්‍ය කටයුතු පොලීසිය විසින් සකස් කරන්නේ යැයි චෝදනා ඉදිරිපත් කොට තිබේ.

මාවනැල්ලේ බුද්ධ ප්‍රතිමා වැනසූ පුද්ගලයාට වහා නිසිදඩුවම් ලබා දෙන්න.

පසුගිය දිනක මාවනැල්ල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක බුද්ධ ප්‍රථිමා වනසා දැමූ පුද්ගලයෙකු තවත් එවැනි පිළිමයක් වනසා දමන්නට තැත් කරන්නට යෑමේ දී හසුව පොලිසිය වෙත භාර කළ පුවතක් මාධ්‍ය ඔස්සේ අනාවරණය වී තිබුණි.

ඉනික්බිතිව ප්‍රදේශවාසීන් විසින් හා ගරු ස්වාමින් වහන්සේලා අප වෙත එකී තරුණයා මුදා හැරීමට අවශ්‍ය කටයුතු පොලීසිය විසින් සකස් කරන්නේ යැයි චෝදනා ඉදිරිපත් කොට තිබේ.

සමස්තයක් ලෙස ගත් කල්හි රටක් ලෙස සමගියෙන් සහජීවනයෙන් ජීවත්විය යුතු මොහොතක මෑතකාලීනව සිදු වූ විවිධ කළහකාරී සිද්ධීන් හමුවේ විවිධ ජනකොටස් අතර ඇති වී ඇති නොසන්සුන්තාවයන් ද සැලකිල්ලට ගනිමින් වගකිව යුතු අංශ හා රටේ නීතිය හා සාමය සුරැකීමේ වගකීම ඇති ඔබතුමන් වහා මෙකී ක්‍රියාවලියේ දී වැරදිකරුවන්ට නිසි දඩුවම් ලබා දීමට කටයුතු කළ යුතුව ඇතැයි තරයේ විශ්වාස කරමු.

ඉතා සුළු කණ්ඩායමක් සිදු කරන සිදුවිම් වලින් සමස්ථ ජන කොටස් අතරම ජනවාර්ගික හා ආගමික ගැටළු ඇති විමට හේතුවන්නේය.

මීට වසර කීපයකට පෙරද මෙවැනි සිදුවිම් මාවනැල්ල ආශ්‍රිත සිදු වු බව අප සිහි තබා ගත යුතය. එහි දී බුදු පිළිම පමණක් නොව ජිවිත ද විනාශ විය. මෙම බුද්ධ ප්‍රතිමා විනාශ කරන ලද්දේ ද මුස්ලිම් තරුණයෙකුවීම සුවිශේෂි කාරණයකි.

රටේ නීතිය හා සාමය කඩකරන්නවුන්ට වහා දඩුවම් පමුණුවන්නටත් නැවැත එවැනි ක්‍රියා සිදුනොවන්නට වග බලාගන්නටත් කටයුතු කළ යුතුය. මාවනැල්ල බුද්ධ ප්‍රතිමා විනාශ කිරීමේ සිදුවීම එක් පුද්ගලයෙකුගේ හෝ පුද්ගලයන් කිහිපදෙනෙකුගේ ක්‍රියාවක් බැවින් ඒ තුළින් සමස්ත සමාජය තුළ කිසියම් ආකාරයකින් ජාතීන් අතර ගැටුමක් දක්වා වර්ධනයවීම වැළැක්වීමටත්, මෙම පුද්ගලයන්ට විරුද්ධව නීත්‍යානුකුලව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ඔබතුමන් හා ආරක්ෂක අංශ වහා මැදිහත්වනු ඇතැයි දැඩි ලෙස විශ්වාස කරමු.

බුදුගල ජිනවංස හිමි
සභාපති



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More