දේශීය පුවත්

රනිල්ට බහුතරය නෑ

December 27, 2018 3:55 am | Lanka Lead News

දෙමළ ජාතික සන්ධානය සමඟ එකතු වුවද වර්තමාන ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ සරල බහුතරය වන 113 නොමැති බව පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු සම්මත ගිණුමට අදාළ ඡන්ද විමසීමේදී හොඳින්ම පෙන්නුම් කෙරුණු නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාවක් කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන ඒමට ආණ්ඩුව වහාම ක්‍රියා කළ යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා පවසයි.

දෙමළ ජාතික සන්ධානය සමඟ ආණ්ඩුවක් පවත්වාගෙන යෑම අපහසු බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක අමාත්‍යවරයා ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ නායකයන් කිහිප දෙනකුම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙන් වත්මන් ආණ්ඩුව මුහුණ දී තිබෙන ගැටලුකාරි තත්ත්වය මනාව පැහැදිලි වන බවද පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

කිසිදු හිඟයකින් තොරව ජනතාව අපහසුතාවට පත් නොවන ආකාරයකට ඉන්ධන රට පුරා බෙදාහැරීමට නොහැකි ආණ්ඩුවකින් රටේ පොදු මහජනතාවට කිසිදු සෙතක් සිදුනොවන තත්ත්වයක් හමුවේ පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පවත්වා නව ආණ්ඩුවක් පත්කරගැනීමේ අවස්ථාව මේ රටේ පොදු මහජනතාවට ලබාදිය යුතු බවත් මන්ත්‍රි විමල් වීරවංශ මහතා ප්‍රකාශ කෙළේය.

වර්තමාන ආණ්ඩුව පළමුවෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු සම්මත ගිණුමට පක්ෂව දෙමළ ජාතික සන්ධානය සමඟ එක්වූ පසුවද හිමි වූයේ ඡන්ද 102ක් පමණක් බවත් දෙමළ ජාතික සන්ධානය නොමැති වූ විට ආණ්ඩුව වෙනුවෙන් ඡන්දය භාවිත කර තිබෙන්නේ එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 88 දෙනකු පමණක් බවත් වීරවංශ මහතා පෙන්වා දෙයි.

වර්තමාන ආණ්ඩුව ගැන කලකිරී සිටින ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 14 දෙනකු ආණ්ඩුව වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ නොකිරීමට තීරණය කිරීමෙන්ම ආණ්ඩුව තුළ පවතින බරපතළ අර්බුදය ඉතා හොඳින් පෙන්නුම් කෙරෙන බවද ඔහු ප්‍රකාශ කෙළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More