පුරවැසි කොලම

ජනාධිපති නීතිඥකම භාර නොගත් තිදෙනෙක් @තවත් ජනාධිපති නීතිඥවරුන් 25 දෙනෙකු 2019 ජනවාරි 18 දිවුරුම්දීමට නියමිතය. එය ජනාධිපති විසින් තමාට හිමි බලතල අනුව පත්කෙරෙන්නෙකි. බොහෝ විට සිය දේශපාලන හිතවාදී නීතිඥවරුන්ට එම තනතුර පිරිනමන අතර එම කඩතොළු වසා ගැනීමට ගෞරවනීය සේවයක් ඉටුකල පුද්ගලයින්ටද ඒ අතරතුර ජනාධිපති නීතිඥ තනතුරු හිමිවිය. එය එදා මෙන්ම අදද සිදුවන්නකි. හෙටද සිදුවනු ඇත. ජනපතිට හිමි බලතල අනුව එය කෙරෙන්නක් වන බැවින් ඒ පිළිබඳව කිසිවෙකු අමනාප විය යුතුද නැත. එහෙත් මේ සටහන යොමු කරන්නේ ජනාධිපති නීතිඥකමට පත්කල පසු එම තනතුර ප්‍රතික්ෂේප කළ තිදෙනෙකු පිළිබද අතීත කථා පුවතකි. එය ප්‍රතික්ෂේප කළ තිදෙනා වන්නේ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා(එකල එය රාජනීතිඥ නම් විය), ආර්. කේ. ඩබ්ලිව් ගුණසේකර සහ තංගල්ලේ නීතිඥ එච්. එස්. ද සිල්වාය. ආචාර්ය කොල්වින් කියාසිටියේ අධිරාජ්‍ය විරෝධී අරගලයක නිරතව සිටින්නෙකුට එය උචිත නොවන බවය. නිතිඥ ගුණසේකරයන් කියා සිටියේ තමාට වඩා පරිණත සහ ජ්‍යෙෂ්ඨ අය සිටින බැවින් ප්‍රතිපත්ති මත එය භාර නොගන්නා බවකි. අප හිතවත් කුමාගේ පියාවන එච්. එස්. ද සිල්වා කියාසිටියේ ජනාධිපති නීතිඥවරයෙකුගේ අවම දෛනික ගාස්තුව තමාගේ තංගල්ලේ සේවාදායකයින්ට දැරීමට නොහැකි බැවින් තමා එය භාර නොගන්නා බවකි.

ජනාධිපති නීතිඥයෙක් වීමට යටත් පිරිසෙන් අවම වශයෙන් වසර 20ක සක්‍රීයව වෘත්තිමය දායකත්වයක් තිබිය යුතු බව පිළිගත් නිතියක් නොව රිතියකි. එයට අඩු වෘත්තිමය සේවා කාලයක් නොමැති හෝ ක්‍රියාකාරිව වෘත්තියේ නිරත නොවන හෝ කෙඩිට් කාඩ් සමාගම්වල පවා එන්තරවාසි සකස්කරන ජනාධිපති නීතිඥවරුන් දැකගත හැකිය. ඇතැම් ජනාධිපති නීතිඥවරුන්ට වඩා දක්ෂ නීතිඥවරු රැසක් දැයට හිමිවීමනම් වාසනාවකි. ජනාධිපති නිතිඥයින් පත්කිරීම පිළිබඳව ක්‍රමවේදයක් සකස්කර ජනාධිපතිට යෝජනා කිරීමට කලකට ඉහත ශ්‍රී ලංකා නීතිඥ සංගමය කටයුතු කරන බවට පැවසුවද එයට සිදුවූයේ කුමක්දැයි නොදනී.

ජනාධිපති නීතිඥවරයෙකු ලෙස පත්කිරීම සිදුකරනුයේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව ජනාධිපතිවරයා විසිනි.ඒ අනුව එහි 33(ඇ,ඇ) අනු ව්‍යවස්ථාව අනුව ‘‘නීතිඥ වෘත්තියේ විශිෂ්ඨත්වයට පත්ව ඇත්තා වූද, පැවැත්මෙහි හා වෘත්තීය කටයුතු පිළිබද අවංකභාවයෙහි උත්කෘෂ්ඨ (ඉතා ඉහල තත්වයක්) පවත්වාගෙන යන නීතිඥවරු” එලෙස ජනාධිපති නීතිඥවරු ලෙස පත්කල හැකිය.

මෙම විශේෂ ප්‍රදානය හේතු කිහිපයක් නිසා විවේචනයට ලක්ව තිබේ 1-ඔව්න් අයකරන ගාස්තුව සාමාන්‍ය ජනයාට කිසිසේත් දරාගත නොහැකිවීම(අවම දෛනික ගාස්තුව රුපියල් 50,000කි). 2- තමාගේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය එවැන්නෙකු තම නඩුවට සම්බන්ද කරගෙන ඇති විට විශාල මුදලක් වැය කල නොහැකි සේවාදායකයා මානසික පීඩාවකට පත්වීම.3-දේශාපාලන හිතවත්කම් මත ඇතැම් නොසුදුසු අය ජනාධිපති නීතිඥවරු ලෙස පත් කිරීම 4-මෙම ප්‍රදානය වර්තමානය වනවිට මුළුමනින්ම වාගේ කොළඹ නීතිඥවරුන්ට පමණක් සීමා වී තිබීම වේ.

එළඹෙන ජනවාරි 18වනදා ශ්‍රේෂ්ඨාධීකරණයෙදි ජනාධිපති නීතිඥවරුන් ලෙස දිවුරුම්දිමට නියමිතව ඇති පහතින් දැක් වේ. 1.චින්තාමනි මුණමලේ බලල්ලේ මෙනවිය, 2.සතේන්ද්‍ර මෛත්‍රී ගුණරත්න මහතා, 3.මොහොමඩ් ශේරිෆ්ඩීන් මොහොමඩ් හුසේන් මහතා, 4.පිලිමිතාලාව විජේසුන්දර මුදියන්සේලාගේ සූරිය ශාන්ත බණ්ඩාර ඉද්දේවල මහතා, 5.දුලිප් ෆ්ලේවියන් රෆායල් ජයමහා මහතා., 6.මදුරප්පෙරුමගේ චන්ද්‍රසිරි ජයරත්න මහතා, 7.ලියන මුදියන්සේලාගේ විජිත නන්දන ජයවික්‍රම මහතා, 8.සිංහනාතගේ තරාපති ජයනාග මහතා, 9.උපාලි සරත් කොන්ගහගේ මහතා 10.සුනිල් කිත්සිරි මෙවන් ලංකාතිලක මහතා, 11.අරුනාචලම් මුත්තු ක්‍රිෂ්ණන් මහතා, 12.බමුණූගේ ජෝෂප් බර්නාට් ශාන්තී පෙරේරා මහතා, 13.සුබ්‍රමනියම් පරමරාජා මහතා, 14.එඩ්මන් සිරිමෙවන් රාජපක්ෂ මහතා, 15.මොහාන් රුඩොල්ෆ් අබේරත්න රත්වත්තේ මහතා, 16.ශාන්ත චූලබය රත්නායක මහතා, 17.අක්මිමන පල්ලියගුරුගේ සරත්චන්ද්‍ර මහතා, 18.අබ්දුල් වාහිද් අබ්දුල් සත්තාර් මහතා, 19.පල්ලි මුල්ල කපුගමගේ නෙල්සන්ද සිල්වා මහතා, 20.වෙලායුද පිල්ලේ තවරාජා මහතා, 21.සරත් දෙවසේන විජේසිංහ මහතා, 22.ලක්ෂාන් මහින්ද විජේසුන්දර මහතා, 23.ප්‍රියාල් තුසිත විජේවීර මහතා, 24.සෞම්‍යා අමරසේකර මෙනවිය, 25.ගීතක ගුණවර්ධන මහතාය.

ධර්මන් වික්‍රමරත්න



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More