දේශීය පුවත්

බ්‍රිතාන්‍ය ජාතික තරුණියකට අතවර කිරිමට තැත් කිරිමට උස්සහ කිරිමේ වරදට සැකපිට තරුණයන් දෙදෙනෙකු අද (26) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

නත්තල් සමය ගත කිරිම සඳහා මෙම 28 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික තරුණි ඇයගේ පෙම්වතා සමඟ හැටන් කාසල්රි ජලාශය අසල පිහිටි සංචාරක නිකේතනයකට පැමිණ ඇත.

එම සංචාරක නිකේතනයේ නවාතැන් ගෙන සිටි සැකකරුවන් දෙදෙනා බ්‍රිතාන්‍ය ජාතික තරුණිය නවාතැන්ගෙන සිට කාමරයට (26) අලුයම 1.45 ට පමණ ගොස් දොරට තට්ටු කර ඇයව කාමරයෙන් ඉවතට ගෙන ඇයට අනවශ්‍ය ලෙස බලපැම් කරමින් සැකකරුවන් දෙදෙනා හැසිරි ඇති බව වාර්තා වේ.

පසුව ඇය ඔවුන්ගෙන් මිදි පැමින ඒ සම්බන්ධයෙන් හොටලයේ පාලන අධිකාරියට දැනුම් දී ඇත.

ඉන් පසු එම පාලන අධිකාරිය විසින් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට කල පැමිණිල්ලක් මත හැටන් පොලිසියේ නිලධාරින් එම සංචාරක නිකේතනයට ගොස් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

එම සිදු විමට පෙර එම සංචාරක නිකේතනයේදි මෙම බ්‍රිතාන්‍ය ජාතික තරුණිය සහ ඇයගේ පෙම්වතා සමඟ සැකකරුවන් දෙදෙනා සුහදතාවයක් ඇති කරගෙන මත්පැන් සාදයක්ද පවත්වා ඇති බව හැටන් පොලිසිය වෙත වාර්තා වි ඇත.

සැකකරුවන් දෙදෙනා හැටන් දික්ඔය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත්, එම සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදදිරිපත් කරන බවත් හැටන් පොලිසිය පැවසිය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More