දේශීය පුවත්

පසුගිය දිනවල මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම විනාශ කරන කල්ලියක් පිළිබඳව පුවතක් රටේම ආන්දෝලනයට තුඩු දුන්නේය. මෙම බුද්ධ ප්‍රථිමා විනාශ කළ පුද්ගලයෙකු අල්ලා ගෙන පොලීසියට භාර දීමට ප්‍රදේශවාසී තරුණයෙකු සමත්ව තිබේ.

බුදු පිළිම විනාශ කිරීමේ නිරත මෙම පුද්ගලයා තවත් පුද්ගලයෙකු සමග කඩුගන්නාව මාවනැල්ල සිමාවේ ඇති දිදුරුවත්ත ප්‍රදේශයේ බුදු පිළිමයක් විනාශ කරමින් සිටියදී ප‍්‍රදේශවාසි තරුණයෙකු ඔහු අල්ලාගෙන පොලීසියට භාර දීමේ වීර ක්‍රියාව සිදු කර තිබේ.

ඔහු පැමිණි යතුරු පැදියත් සමග මහත් පරිශ්‍රමයක් දරා අලූයම 4ට පමණ අල්ලා ගත් මෙම සැකකරු මාවනැල්ල දෙල්ගහගොඩ ප‍්‍රදේශයේ පදිංචි මොහොමඩ් අස්ලාම් නම් මුස්ලිම් ජාතිකයෙකු වන බවද පොලිසිය පවසයි.

මෙම සැකකරු අල්ලා ගත් වීර තරුණයාගේ එක් අතක් පැන හානි වි සිදුවිම නිසා ඔහු මාවනැල්ල මුලික රෝහල වෙත ඇතුලත් කිරිමටද මෙ වන විට පියවර ගෙන ඇති බව පොලිසිය කියයි.

එම තරුණයා අලුයම හතරට පමණ බස් රථයක් අල්ලා ගැනීම යමින් සිටියදි මෙම සැකකරුවා බුදු පිළිමයට හානි සිදු කරනු දැක ඇති අතර පසුව ඔහු අල්ලා ගැනිමට සැකකරු සමග පොර බදා තිබේ. එම පොර බැඳීමෙන් මෙම තරුණයාගේ අතකට දැඩි හානි සිදුව තිබේ.

මෙ වන විට සැකකරු සහ යතුරු පැදිය ඉදිරි විමර්ශන කටයුතු සඳහා මාවනැල්ල පොලිසිය විසින් කෑගල්ල බුද්ධි අංශය වෙත භාර දි ඇති අතර අදාල සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩාමක් පරික්ෂණ සිදු කරයි. පලා ගිය සැකකරු සොයා මෙ වන විට ප‍්‍රදේශයේ මෙහෙයුමක්ද ක‍්‍රියාත්මක වන බව පොලිසිය කියයි.

මේ අතර අද(26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උදයශාන්ත ගුනසේකර මහතා කියා සිටියේ මෙම සිදුවීමට සම්බන්ධ සංවිධාන හෝ පුද්ගලයන් රටට හෙළි කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවය.

.

ජනාධිපතිතුමනි, මාවනැල්ල සිදුවීමට සම්බන්ධ සංවිධාන හෝ පුද්ගලයන් සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් පවත්වා රටට හෙළි කරන්න

Gepostet von Lanka Lead News am Mittwoch, 26. Dezember 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More