දේශීය පුවත්

දුම්රිය රියදුරන් , නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන්, පාලකවරුන් සහ අධික්ෂණ කළමනාකරුවන් අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට තිබු පැය 48 ක වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

අද පස්වරුවේ මෙම තීරණය ගත් බව බව දුම්රිය ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරින් රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවසීය.

තම ගැටලුව සම්බන්ධව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සහ වෘත්තිය සමිති නියෝජිතයින් හා පැවැති සාකච්ඡාවේදී ගැටළුවට මාසයකදී විසඳුමක් ලබා දෙන බවට ලිඛිතව දුන් පොරොන්දුව අනුව වර්ජනය අත්හිටුවීමේ තීරණයට පැමිණ ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

දුම්රිය රියැදුරෝ අද රාති‍්‍රයේ සිට වර්ජනයේ

සිය වැටුප් සහ ශ්‍රේණි විෂමතා ගැටලූ කිහිපයක් මුල් කරගෙන දුම්රිය රියැදුරන් විසින් අද (26 වැනිදා) මධ්‍යම රාති‍්‍රයේ සිට පැය 48 ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය රියැදුරු සංගමයේ සභාපති ඉන්දික දොඩංගොඩ මහතා පැවසීය.

සිය ගැටලු සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා ප්‍රවාහන ඇමැති අර්ජුන රණතුංග මහතාගෙන් මෙතෙක්‌ කිසිදු ප්‍රතිචාරයක්‌ නොලැබුණු බවද ඒ මහතා සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More