Notice Board

සුනාමි ඛේදවාචකය සිදුවී අදට (26) වසර 14ක් සපිරෙයි.

ඉන් මියගිය පුද්ගලයින් සිහිකර අද පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පවත්වන්නැයි ආපදා කළමනාකරණ අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එසේම අදට යෙදී ඇති ජාතික ආපදා සුරක්ෂිත දිනයට සමගාමීව සියලූ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් දැනුම්වත් කිරීමේ වැඩසටහන් සහ සර්වආගමික වැඩසටහන්ද සංවිධාන කර තිබේ.\

මීට වසර 14කට පෙර අද වැනි දිනක මුළු රටම එකම මළගෙයක් බවට පත් කළ ඒ රුදුරු සුනාමි ව්‍යසනයේ අමිහිරි මතකය අද වන විට බොහෝ දෙනකුගේ සිත් තුළින් පහව යමින් තිබේ.

2004 වසරේ දෙසැම්බර් මස 26 වැනි දින කිසිවකුත් නොසිතූ පරිදි සිදු වූ සුනාමි ව්‍යසනය අහිංසක ශ්‍රී ලාංකිකයින් හතළිස් දහසකට ආසන්න පිරිසකට දිවි අහිමි කළේය. තුවාල ලැබූ ගණන විසි දහසකට අධිකය. නිවාස ලක්ෂයක් පමණ මුළුමනින්ම විනාශ විය. කුඩා දරුවන් 979 දෙනකුට සිය දෙමාපියන් අහිමි කළේය.

මුලු මහත් ශ්‍රී ලංකාවම .කම්පනයට පත්කල… …!!!ඒ සුනාමී රල ඇවිත් අවුරුදු 14.ක් ..වුනා…ඔබ සැමට නිවන්සුව අත්වේවා …!!! මෙවන් අකල් මරන යලිත් නොම වේවා …!!!???????????????????

Gepostet von Sujani Rathnamale am Dienstag, 25. Dezember 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More