දේශීය පුවත්

පසුගිය දින කිහිපය පුරාවට උතුරු ප්‍රදේශයට බලපෑ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඇති වූ ගංවතුර නිසා පවුල් 23,054 කට අයත් පුද්ගලයින් 73,851 දෙනෙකු විපතට පත්ව යාපනය මරදන්කේනි ප්‍රදේශයේදී එක් අයෙකු මිය ගොස් ඇති බවට ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් පෙන්වා දෙයි.

මේ අතර ගංවතුර හේතුවෙන් උතුරු පළාතේ වැඩිම ආපදාවක් වාර්තා වූ කිළිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රීක්කයන්හි විපතට පත් වැසියන් බේරාගැනීම සඳහා දායක වූ යුද හමුදාවට හා නාවික හමුදාවට උතුරේ වැසියන්ගේ මහත් ප්‍රසාදයක් ඇතිව තිබේ.

මෙහිදී වැඩිම ආපදාවක් වාර්ථා වූ කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ විපතට පත් 39,932 ක් වූ වැසියන් බේරා ගැනීම සඳහා යුද හමුදාව ප්‍රමුඛස්ථානයක් ගෙන කටයුතු කිරීම සාමාන්‍ය වැසියන් අතර විශේෂ වී ඇති අතර එහිදී කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රැල්ෆ් නුගේරා මහතා සහ 57 වන සේනංකාධිපති මේජර් ජෙනරල් විජිත රවිප්‍රිය මහතාගේ නායකත්වයන් යුද හමුදා සෙබළුන් දිවා රාත්‍රි සේවයේ නිරත වෙමින් විපතට පත් වැසියන් බේරා ගැනීමේ සිට ඉඳුම් හිටුම් , ආහාරපාන, වෛද්‍ය පහසුකම් ඇතුළු සියලු දේ සිදු කරනු ලැබීය.

එමෙන්ම උතුරේ ගංවතුර තත්වය පහව යන තුරු විපතට පත් වැසියන් වෙනුවෙන් සහන සැලසීමට මුලතිව් හා කිළිනොච්චිය දිස්ත්‍රීක්කයන්හි පමණක් යුද හමුදාව සහ නාවික හමුදාව දහසකට අධික ප්‍රමාණයක් යෙදවීමටද ආරක්ෂක සේනා මූලස්ථාන විසින් පියවර ගෙන ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More