දේශීය පුවත්

උතුරු පළාත ඇතුලු දිවයිනේ තවත් ප්‍රදේශ ගණනාවක ගං වතුර ආපදා තත්වය හේතුවෙන්වි පීඩාවට පත්ප ජනතාවට කඩිනමින්ක්‍ සහන සැලසීමට පියවර ගන්නා ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වගකිවයුතු ආයතන වලින් ඉල්ලීමක් කරයි.

විපක්ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක මේ බව සදහන් කර ඇත‍

උතුරු පළාත හා දිවයිනේ තවත් ප්‍රදේශ ගණනාවක ඇතිවී තිබෙන ගං වතුර ආපදා තත්වය

අධික වර්ෂාපතනය නිසා උතුරු පළාත ඇතුලු දිවයිනේ තවත් ප්‍රදේශ ගණනාවක ගං වතුර ආපදා තත්වයක් ඇති වී තිබේ. මේ නිසා ඒ ප්‍රදේශවල ජීවත් වෙන ජනතාව දහස් ගණනින් අවතැන් වී ඇත. නිවාස වතුරට යටවී ඇත්තා සේම, ප්‍රධාන මහාමාර්ග පවා භාවිතා කළ නොහැකි තත්වයක් ඇතිවී තිබේ.

ආපදාවට ලක් වී ඇති ප්‍රදේශ වල ජවතාවට සහන සේවා සැපයීම පිළිබඳ ජනාධිපතිතුමා දැනටමත් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවට වාර්ථා වේ.

ආපදාවට ලක් වී ඇති සියලුම ප්‍රදේශවල පාහේ, පලාත් සභා නොමැති නිසා, ආපදා සහන සේවා සැපයීම කළමණාකරනය කිරීමේ ප්‍රධාන වගකීම දැන් අදාල අමාත්‍යංශ වලට පැවරේ.

ඒ අනුව ආපදා කළමණාකරන අමාත්‍යංශය ඇතුලු අදාල සෙසු අමාත්‍යංශ සහන සේවා සැපයීම සම්බන්ධයෙන් එම ප්‍රෙද්ශ වල ජනතාව විදින අපහසුතාවයන් අවම වෙන ආකාරයට යුහුසුළුව කටයුතු කරනු ඇති බවට අපි බලාපොරොත්තු වෙමු.

තම නිවාස අහිමි වීම, ජීවනෝපාය නැතිවීම වැනි කාරණා නිසා අගතියට පත් වී සිටින ජනතාව විදිනා අපහසුතාවය හා ආර්ථික දුෂ්කරතා ගැන අපි මේ අවස්ථාවේදී කණගාටුව ප්‍රකාශ කර සිටින අතර, අදාල වන්දි ආණ්ඩුව පැත්තෙන් නොපමාව ලබාදීම තුළින් යම් සහනයක් ඔවුන්ට ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

මහින්ද රාජපක්‍ෂ
විපක්‍ෂ නායක



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More