දේශීය පුවත්

සාමාන්‍ය පෙළ විභාග පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතුවලින් ගුරුවරුන් ඉවත්වීමේ සූදානමක් පවතින බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි.

2017 අපොස සා/පෙළ ගණිතය උත්තර පත‍්‍ර ඇගයීම් සඳහා එක් උත්තර පත‍්‍රයට රු. 140 ක් ගෙවන ලද අතර එය මෙවර (2018) රු. 120 දක්වා අඩු කිරීමට කටයුතු කර ඇති බවද එමෙන්ම එක් උත්තර පත‍්‍රයක් පරීක්‍ෂා කිරීම සදහා ගෙවන ලද රු. 38 ක ගාස්තුවද රු. 29 දක්වා මෙවර පහත දැමීමටද කටයුතු කර ඇති බවද ලංකා ගුරුසේවා සංගමය පවසා සිටියි.

පිළිතුරු පත්‍ර පරීක්ෂාව සඳහා ගෙවනු ලබන ගාස්තුව ඉහළ දමන ලෙස ලංකා ගුරුසේවා සංගමය දිගින් දිගටම ඉල්ලීම් කළද එම ඉල්ලීම් මේ දක්වා ඉටුවී නොමැත.

එසේ තිබියදී 2017 වර්ෂයේ ගෙවන ලද ගාස්තුද මේ ආකාරයට කප්පාදු කිරීම කිසිසේත්ම එකග විය නොහැකි සහ අනුමත කළ නොහැකි අතර එම ගාස්තු පෙර තත්වයටවත් පත් නොකරන්නේ නම් ඉදිරි ඇගයීම් කටයුතු තව දුරටත් පවත්වාගෙන යන්නේද පිළිබඳව තීරණයක් ගැනීමට සිදුවන බවද එම සංගමය අවධාරණය කර සිටී. මේ සම්බන්ධයෙන් එම සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතාගේ අත්සන් සහිතව විභාග කොමසාරිස්වරයා වෙත ලිපියක් මගින් දැනුම් දී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More