දේශීය පුවත්

පළුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සේනාදිරියාගම ආසිරිගම නාමල්පුර විශේෂෙන් හොරිවිල ගොවි කලාපය මෙම බඩඉරිඟු වගා කොට තිබේ .ගොවීහු පෙන්වා දෙන්නේ මින් කිසිදු කාලයක නොදැකපු සේනා නැමති දළඹු විශේෂය තම ගොවිබිම් ආක්‍රමණය කොට තිබෙන බවය.

හොරිවිල පාරම්පරික ගම්මානේ අක්කර තුන්සීයකට අධික භූමි ප්‍රමාණයක පිහිටි බඩඉරිඟු වගාව සම්පූර්ණයෙන්ම පාහේ දළඹු ප්‍රහාරයට ලක්වෙමින් පවතින බව ඔවුහු පෙන්වා දෙති.

තම වගාබිම ආරක්ෂා කර ගැනීම සඳහා විවිධ කෘමි නාශක වර්ග විශාල වශයෙන් යෙදවුවද මෙම සේනා නැමති දළඹු විශේෂය මර්දනය වීමක් දකින්නට නොමැති බව බඩඉරිඟු ගොවීහු කියති.

කෘෂිකර්ම නිලධාරීන් මෙම ප්‍රදේශයට පැමිණ සොයාබලා විවිධ කෘමිනාශක වර්ග නිර්දේශ කරන බවත් ඒවා යෙද වුවද මෙම සතුන් මර්දනය නොවීම හේතුවෙන් ඇතැම් බඩඉරිඟු වගාවන් මේ වනවිටත් අතහැර දැමූ බව බඩඉරිඟු ගොවීහු පෙන්වා දෙති.

එක රැයකින් විශාල වශයෙන් මෙම ගස් ඔවුන්ගේ ආහාරයට ලක්වන බව ගොවීහු පෙන්වා දීම විශේෂත්වයකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More