දේශීය පුවත්

තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේදී අද(25) අලුයම සිදුවූ වෙඩි තැබීමකින් සිව් දෙනෙකු මිය ගොස් සය දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ලංකා ලීඩ් නිව්ස් ‌ෙවෙත වාර්තාවේ.

මෙම සිදුවීම අද උදෑසන 6.30 ට පමණ සිදු වී තිබේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබේ.

ටී 56 ගිනි අවියකින් සහ රිවෝල්වරයකින් වෙඩිතැබීම තැබීම සිදු කර ඇතැයි පොලීසිය පවසයි.

මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් නිශ්චිතවම හඳුනාගෙන නොමැති බවත් , කලක සිට දෙපිරිසක් අතර පවතින ගැටුමක් මෙයට හේතුවන්නට ඇතැයි තෙරතුරු හෙළිවී ඇතැයි පොලීසය පවසයි.

මිය ගිය අය අතර උදෑසන මාළු මිලදී ගැනීම සඳහා පැමිණි පුද්ගලයකු ද සිටින බවත් පොලිසීය සඳහන් කළේය.

නාකුළුගම රජයේ රෝහලේ එක් මළ සිරුරක් තැම්පත් කර ඇති අතර තංගල්ල මුලික රෝහලේ අනික් මළ සිරුරු තැම්පත් කර ඇත.

පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා මේ වන විට ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති අතර තංගල්ල මුලික පොලීසිය පරීක්ෂණ අරඹා ඇත.

තංගල්ලේ වෙඩි තැබීමක්-4ක් මරුට-5කට තුවාල

තංගල්ලේ වෙඩි තැබීමක්-4ක් මරුට-5කට තුවාල

Gepostet von Ada Derana Sinhala am Montag, 24. Dezember 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More