විදේශ පුවත්

පකිස්තානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ්ට පකිස්තානු අධිකරණයක් මගින් වසර හතක සිර දඬුවම් නියම කර තිබේ.

නවාස්‌ ෂරීෆ්ට අයත් සවුදි අරාබියේ පිහිටි අල් අසීසියා නමැති යකඩ නිෂ්පාදනාගාරයක්‌ මිලදී ගැනීමට මුදල් ලැබුණු ආකාරය පිළිබඳව හෙළිකිරීමට අපොහොසත් වීම ෂරීෆ්ට එරෙහිව නැඟුන චෝදනාවයි. මීට අමතරව ඩොලර් මිලියන විසිපහක දඩයක්‌ද ෂරීෆ්ට නියම කර තිබේ.

ඉස්‌ලාමාබාද් නගරයේ දූෂණ විරෝධී අධිකරණයක්‌ මගින් මෙම දඬුවම නියම කරන ලදී.

මෙම තීන්දුව දේශපාලන හේතු මත ලබාදී ඇතැයි ද තමන් කිසිදු වරදක්‌ කර නැතැයිද නවාස්‌ ෂරීෆ් පවසා තිබේ.

පසුගිය ජුලි මාසයේ තවත් දූෂණ චෝදනාවක්‌ මත ඔහු දස වසරකට සිරගත කරන ලද අතර ඊට එරෙහිව ඉදිරිපත් කරන ලද ඇපෑලක්‌ මත ෂරීෆ් ඇපමත මුදාහැර සිටියේය.

නවාස්‌ ෂරීෆ් පකිස්‌තානු මුස්‌ලිම් ලීගය යටතේ ඔහු සිරගතව සිටියදී මහ මැතිවරණයට ඉදිරිපත් වුවද එයින් ජය ගත්තේ ඉම්රාන් ඛාන්ගේ පකිස්‌තානු තෙරීක්‌ ඉන්සාන් පක්‍ෂයයි.

නඩු තීන්දුවෙන් පසුව අධිකරණය තුළදීම නවාස්‌ ෂරීෆ් වහාම අත්අඩංගුවට ගන්නා ලදී.

නවාස්‌ ෂරීෆ්ගේ ආධාරකරුවන් අධිකරණයෙන් පිටත උද්ඝෝෂණයක්‌ පවත්වන ලද අතර පොලිසිය කඳුළු ගෑස්‌ ප්‍රහාරයක්‌ එල්ල කර උද්ඝෝෂකයන් පලවා හරින ලදී.

2017 වසරේදී පකිස්‌තානු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්‌ අනුව නවාස්‌ ෂරීෆ්ට අගමැති ධුරයෙන් ඉල්ලා අස්‌වන්නට සිදුවූයේ පැනමා ලිපිගොනුවල ඔහුගේ පවුලේ වත්කම් සම්බන්ධයෙන් හෙළිදරව් වීමත් සමගය.

මීට පෙර ජුලි මාසයේදී ලබාදුන් අධිකරණ නියෝගය අනුව ෂරීෆ් හට දස වසරක්‌ දේශපාලනයේ නිරතවීම තහනම් වූ අතර ඔහුගේ ලන්ඩනයේ පිහිටි දේපළ පකිස්‌ථාන රජය සතු කරන ලදී.

කෙසේ වෙතත් එම නියෝගයට එරෙහිව මේ වන විට අභියාචනයක්‌ ඉදිරිපත් වී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More