මුහුණු පොතෙන්

මේ කතාව දැන් දින කීපයක් පරණ වුවද පමා වී හෝ ඔබට මේ ලිපිය ලිවීම වැදගත්ය. ඒ ඔබේ දුවගේ උපාධිය ආශ්‍රිතව ඇති වූ කතාබහ ගැන වචන කීපයක් කිව යුතු යැයි සිතෙන නිසාය.

ඔබේම ප්‍රකාශවලට අනුව 2014 වන විට රස්සාවක් පවා නැතිව බිරිඳගේ පඩියෙන් යැපෙන අසරණයෙකු වී සිටි ඔබ 2018 වන විට ඉඩම් හිමි වැවිලි කරුවෙකු බවට පත්ව තිබේ. ඒ ගැන අපට ගැටලුවක් නැත. එසේම ඔබගේ දියණිය පෞද්ගලික ආයතනයකින් උපාධියක් ලබා ගැනීම ගැනද අපට ගැටලුවක් නැත. එදා සිටම රහසේ අඩියක් පුඩියක් ගැසූ ඔබ අද වන විට බොරු පක්ෂ විනය බල්ලාට දමා ඩි්‍රන්ක් දැමීම ගැන ප්‍රසිද්ධියේ වහසි දෙඩීමද අගය කළ යුතුය. විජිත හේරත් මෙන් වාහන හප්පා ලයිට් කණු කුඩු කර බීපු “මිනිහෙක් මාව ඉම්බා” වැනි ඉල ඇදෙන කතා කියනවාට වඩා ඔබේ හැසිරීම යහපත්ය. වැදගත්ම කාරණය වන්නේ ඔබේ මේ සියලු හැසිරීම් ජවිපෙ මහා ප්‍රෝඩාව රටට හෙළි කිරීමට අනියමින් හේතු වාසනා වී තිබීමය. ඇස් රවුම් කරමින්, කට උල් කරමින් කියන බොරු ඔස්සේ රටට හා පක්ෂයේ වහලුන්ට මවා පෙන්වන දේ සහ ඔබලාගේ සැබෑ ජීවිතවල ඇති අතිශය දරුණු පරස්පරය රටට තේරුම් කර දීමට ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයෙකුම මෙසේ ඉදිරිපත් වී තිබීම කෙතරම් අපූරුද?

ඉඩම් හිමි වැවිලිකරුවෙකු වන ඔබේ නවතම පන්ති විග්‍රහයට අනුව පෞද්ගලික ආයතනවලින් දරුවන්ට උපාධි ලබා දිය නොහැකි දෙමාපියන් හැඳින්විය යුත්තේ හිඟන්නන් ලෙසය. හිඟන්නන්ට බැරි වුවද අනුරගේ පුංචි අම්මාගේ පුතාට, ගලප්පත්තිගේ පුතාට, ලාල්කාන්තගේ දුවට මුදල් ගෙවා හෝ උපාධි ලබාගත හැකිව තිබීම හොඳය. ප්‍රශ්නය ඇත්තේ ඔබලාගේ දේශපාලනය රටේ අනෙක් හිඟන දරුවන්ට ඒ අවස්ථා අහිමි කරමින් ඔබලා වැනි ඉඩම් හිමි වැවිලිකරුවන් පමණක් තනිවම ඒ වරප්‍රසාද භුක්ති විඳීමය. ඒ කෙසේදැයි මඳකට විමසා බලමු.

1. ජවිපෙ දේශපාලන බල මෙවලමක් වන තකතීරු නවකවදය නිසා වාර්ෂිකව සිය ගණනක් තම උපාධි අත්හරිති. ඒ ඔබගේ ඉඩම් හිමි දියණිය වැනි උසස් පෙළ ලකුණු මදිවූ අය නොව උසස් පෙළ ඉහළින් සමත්ව සරසවියට ආ හිඟන දරුවන්ය. ජවිපෙ ඇති කළ ඒ ජඩ නවකවද සම්ප්‍රදාය අද පෙරටුගාමී කල්ලිය විසින් එලෙසම ඉදිරියට රැගෙන යමින් සිටිති. සීයකට මඳක් වැඩි වූ මගේ සරසවි කණ්ඩායමේ හතර දෙනෙක්ම නවක වදය නිසා උපාධිය අත් හැර දැමූහ. ඒ හිඟන දරුවන් හතර දෙනාගේ අධ්‍යාපන අයිතිය ගැන ඉඩම් හිමියෙකු ලෙස ඔබටත් ඔබේ දුවටත් ඇති හැඟීම කුමක්ද?

2. මීළඟට ඔබලාගේ තකතීරු දේශපාලනය නිසා පාසැලේ සිටම අධ්‍යාපනය කඩාකප්පල් කරගත් සිය ගණනක් දරුවෝ රටේ සිටිති. සරසවියේදී උපාධි අතහැර ෆුල්ටයිම් කිරීම මාර වීර කටයුත්තක් බව කියමින් හිඟන පවුල්වල අසරණ නොදරුවන් නොමග යැවීම ඔබේ පක්ෂයේ දෛනික පිළිවෙතකි. ඔබලාගේ වැදි බණ අසා පලක් නැති ධනේශ්වර අධ්‍යාපනය අතහැර දැමූ දරුවන් ලාල්කාන්තගේ දුවගෙන් නැවතත් පන්ති පහ කරගත යුතු නොවේද?

3. මීළඟට නිදහස් අධ්‍යාපනය පිළිබඳ ගල් යුගයේ සිද්ධාන්ත මත පදනම්ව දියත් කරන බොරු අරගල ඔස්සේ ඔබ රටේ තව දැරුවන් දහස් ගණනකට මුදල් ගෙවා හෝ අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය අවුරා දමා ඇත. ඒ අරගල ඔස්සේ සරසවි සිසුන් සිය ගණනකයේ ජීවිත හා අධ්‍යාපනය අනතුරේ හෙලා ඇත. එය ලංගම රැක ගැනීමට සටන් කිරීම සඳහා ප්‍රයිවට් බස් එකක යනවා වැනි සරල කතාවක් නොවේ. තමාගේ දරුවාට පෞද්ගලික අධ්‍යාපනය ලබාදෙමින් රටේ දරුවන්ට ඒ අවස්ථාව අහිමි කිරීම ජවිපෙ දේශපාලන පැවැත්මේ අනිවාර්ය අංගයක් බව ඔබ දන්නවාද?

රනිල්ගේ ඇබිත්තයන් වී සිටින මෙරට වැලේ වැල් නැති වමේ පක්ෂවලට නිදහස් අධ්‍යාපනය සුරැකීම යනු හුදු එදා වේල සපයාගැනීමේ දේශපාලන සටන් පාඨයක් පමණි. රටේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කිරීමේ එකම ක්‍රමය එය රජය මගින් නොමිලේ ලබාදීම පමණක් නොවන බව ඔබ හොඳාකාරවම දන්නා කරුණකි. ඒ ඇත්ත ඔබේ දුවට අදාළ වුවද, ඔබට ඔබේ දේශපාලනය විසින් ඒ ඇත්ත ප්‍රසිද්ධියේ පිළිගැනීමට ඉඩදී නැත. පක්ෂ රෙජීමයට එරෙහිව යමින් අරක්කු බීමේ වීරත්වය ගැන ලොකු කතා කියන ආකාරයට අධ්‍යාපනය ගැනද හිතට එකඟව කතා කළ හැකි නම් එය රටේ හිඟන දරුවන් වෙනුවෙන් කළ හැකි මහත් සේවයක් වනු ඇත.

ඔබ ඔබේ දියණිය සම්බන්ධව කටයුතු කළ ආකාරයට රටේ අනෙක් දෙමාපියන්ට තමන්ගේ දරුවන් සම්බන්ධව කටයුතු කිරීමට ඉඩ දෙන්න. කෙසේ වුවද අද රනිල්ගේ හොඳම යටිතල පහසුකම් සපයන්නා ලෙස ඔබේ පක්ෂය මේ රටට කරමින් සිටින අපරාධය සමඟ සසඳන විට අධ්‍යාපනයට ඔබලා කළ හානිය ඉතා කුඩා එකකි. ඔබලා තවමත් උපාධි කෑලි එල්ලා ගෙන ඡන්දවලට ඉදිරිපත් වන්නේ ඒ නිසා විය යුතුය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More