මුහුණු පොතෙන්

ඇයි අවුල් ද?

December 24, 2018 11:43 am | Lanka Lead News

බෞද්ධ සංස්කෘතියට සහ එහි හර පද්ධතීන්ට පහර දීමේ නොතිත් ආශාවෙන් පෙලෙන මෝඝ පුරුෂයන් හා ස්ත්‍රින් කාලෙන් කාලෙට විවිධ මාතෘකා ඔස්සේ ලියමින් ඔවුන්ගේ මුග්ධ ස්වභාවය හෙළි කරති. බෝධි පුජා, මල් පුජා, මහා දාන, පන්සලේ අලි ඇතුන් ගැන කරුණාව පහල කරගන්නා ඔවුන්ට තඩිබාන්නට ලැබී ඇති අලුත්ම මුවහම වී ඇත්තේ අඩු වයසෙන් කුඩා දරුවන් මහණකර ගැනීමයි.

මහණ වීමට නිෂ්චිත වු වයස් සීමාවක් පනවා නොමැත. ධර්මාවබෝධයට ද වයසක් බලපාන්නේ නැත. දෙමාපියන්ගේ අවසරය ඇතිව ඕනෑම වයසක දරුවෙකුට හෝ දැරියකට ශාසනයට ඇතුළත් විය හැකි ය. බුද්ධ කාලයේ සිටි සුනීත, සෝපාක, රාහුල වැනි හිමිවරුන් කුඩා කාලයේදීම ශාසනයට ඇතුළත් කරගත් අතර පසුව ධර්මාවබෝධය ලැබුහ. ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමියන් අසලට පැමිණ පැවිද්ද ඉල්ලා හඬා වැටුණු කුඩා දරුවන් දෙදෙනකු මහණ කරගන්නට බුදුන් වහන්සේ අවසර දුන් නිසා එය සම්ප්‍රදායක් ලෙස අදටත් සිදුකරයි. මිනිස් ජීවිත දහස් ගණනින් විනාශ කළ චන්ඩාශෝක අධිරාජ්‍යයා ධර්මාශෝක වූයේ ද ඔහු දුටු කුඩා නීග්‍රෝධ හිමියන් කෙරෙහි සිත පැහැදී ධර්මය ඇසීමෙන් ය. සර්පයා, රාජ කුමාරයා, ගිනි දැල්ල සහ භික්ෂුව කුඩා යැයි අවතක්සේරු නොකරන්නට බුදුන් වහන්සේ වදාළේ එබැවිනි.

ජාති සෝතාපන්න වූවෙකු (පෙර බවයේ සෝවාන් වූ අයෙකු) නැවතත් මනුෂ්‍යාත්ම භාවයක් ලැබුව හොත් කුඩාකල සිටම මහණ වෙන්නට ආශාව දක්වන්නට පුළුවන. දෙමාපියන්ට ඇවිටිලි කරන්නට ද පුළුවන. පිරිත් පොත කටපාඩමින් කිවහැකි පටිච්චසමුප්පාදය විස්තර කළ හැකි කුඩා දරුවන් ඉඳහිට හෝ දකින්නට ලැබෙන්නේ එබැවිනි. ඔවුන් කුඩා කළ මහණ කිරීමෙන් කාටවත් අවැඩක් වන්නේ ද නැත. මෑත ඉතිහාසයේ බිහිවූ ධර්මධර විනයධර මහ නායක හිමිවරුන් කුඩාකලම පැවිදි වූවන් ය.

සාම‍ෙණ්ර යන වචනයේ තේරුම ශ්‍රමණයන් වහන්සේගේ පුත්‍රයා යන අදහස දෙයි. එතැනදී ගුරු හාමුදුරුවන් පියා ලෙසත් කුඩා හාමුදුරුවන් පුතා ලෙසත් පිළිගැනීමට ලක් වේ. ඒ නිසා පියෙකු තම දරුවන් රැකබලා ගන්නා ආකාරයෙන් එම සාම‍ෙණ්ර හිමිනම රැබලා ගැනීමේ වගකීම ගුරු හිමියන්ට පැවරී ඇත. එසේම වයස සමග ආකල්ප වර්ධනය කිරීම පිළිබඳ වගකීම පැවිදි කරවන ගුරු හාමුදුරුවන්ගේ වගකීමකි. වත්පිළිවෙත්, හැසිරීම, විනය, ඇවතුම්, පැවැතුම් ආදී මේ හැම දෙයක්ම සාම‍ෙණ්ර හාමුදුරුවරුන්ට ඉගැන්වීම ගුරු හාමුදුරුවන්ගේ වගකීමකි. බුදුහිමියන් විසින් සේඛියා යනුවෙන් දක්වා ඇත්තේ එම පිළිවෙත් ය . එහිදී තමන් වැසිකිළිය භාවිත කරන ආකාරය, අතේ ඇඟිලි අතරින් නොයන ලෙස ආහාර අනුභවය,දත් මැදීම වැනි කරුණු පවා කියා දේ .වරක් සැරියුත් හිමියන්ගේ සිවුරු බිම ගෑවෙන බව උන්වහන්සේ දැන ගත්තේ සාමණේර හිමිනමක් පෙන්වා දීමෙන් පසුවය. එය එසේ නොවිය යුතු බව ඒ වන විට සාමණේර හිමිනමට උගන්වා තිබුණ බවට පැහැදිලිය.

අඩුවයසෙන් මහණ කරගැනීමට විරෝධය පාන්නන්ගේ ප්‍රධාන තර්කය නම් ඔවුන් පන්සලේදී ලිංගික අතවර වලට ලක්වේ යන්න සහ ඔවුන්ගේ අකමැත්තෙන් එය සිදු කරයි යන්නයි. ලිංගික අතවර වලට ලක්වන්නේ කුඩා සාමණේර හිමිවරුන් පමණක් නොවේ. එය පන්සලේ ද , පල්ලියේ ද, පාසලේ ද, බසයේ ද , පාසැල් වෑන් රථයේ ද, මහ මග ද සිදුවෙයි. මාස තුනේ සිඟිත්තා ගේ සිට අවුරුදු අසූවේ ආච්චි අම්මා දක්වාම ලිංගික අතවරයට ලක්වේ. ලිංගික අකටයුතුකම් සිදුවන්නේ අද පමණක් නොවේ බුදුන් වහන්සේ ජීවමානව සිටියදී ද එවැනි ක්‍රියා සිදු විය. විනය පිටකයේ පාරාජිකාපාලිය පිරී ඇත්තේ එවැනි සිදුවීම් වලින්ය.

කුඩා දරුවන් පාසල් යන්නේ ද , ටියුෂන් යන්නේ ද අකමැත්තෙනි, රෝගී වූ විට බෙහෙත් බොන්නේ ද අකමැත්තෙනි.රෝග නිවාරණයට එන්නත් විදිනවාට ද අකමැතිය, ගැහැණු දරුවන් කන් විදින විට ද හඬයි. මුස්ලිම් දරුවන් සුන්නත් කරන විට ද හඬයි. එපමණක් නොව කුඩා දරුවන් නාන්නේ ද අකමැත්තෙනි. එසේ වුවා යැයි කියා දෙමාපියන් කුඩා දරුවන් පාසල් නොයවන්නට හෝ නාවන්නේ නැතුව සිටින්නේ නැත. අනෙක් කටයුතු ද එසේමය.නමුත් කැලේ අලින් කොතරම් මරා දැමුවත් නොපෙනෙනා මෙම මුහුණු පොතේ තක්කඩියන්ට පන්සලේ සිටිනා අලියා පෙනෙන්නාක් මෙන් අනෙක් සියල්ලම පසෙක දමා කුඩාකල පැවදි වන භික්ෂූන් වහන්සේලා ගැන පමණක් අමුතු කරුණාවක් පහළ වේ.

මෙවැනි අමුතු කරුණා පහල වන්නේ එකම පිරිසකටය. කොටසක් NGO වලින් නඩත්තු වන අතර අනෙක් කොටස ආගම අබිං යැයි පවසන ජනතා විමුක්ති පෙරමුණෙන් මොළ සෝදාගෙන ඔවුන්ට හීනීයට කුලියට කහිමින් එකසත් ජාතික පක්‍ෂයෙන් දෛනික දීමනාව ලබා ගන්නා නිරාගමික වෙන්ඩ රැඩිකල් අපතයන් ය. පන්සල් දෙසීය ගණනක් භික්ෂූන් වහන්සේලා නොමැතිකමින් වැසී යාමට ආස්සන මොහොතක ඔවුන්ගේ ඒකායන බලාපොරොත්තුව ධර්මධර විනයධර භික්ෂූන් වහන්සේලා බිහිකර ගැනීම නොව මාස් පඩියට එක්සත් ජාතික පක්‍ෂ වේදිකාවේ බෙරිහන් දෙන දඹර අමිල හිමිලා වැඩි වැඩියෙන් බිහිකර ගැනීම ය.

සොනාල ගුණවර්ධන



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More