දේශීය පුවත්

නිල කාලය අවසන් වීම නිසා විසුරුවා හැර ඇති පළාත් සභා හයේ මැතිවරණය එකම දිනක පැවැත්වීමට රජයේ අවධානය යොමුව තිබේ.

නිල කාලය අවසන් වීම නිසා වයඹ, සබරගමුව, උතුරුමැද, මධ්‍යම, උතුර හා නැඟෙනහිර යන පළාත් සභා හය විසුරුවා හැර තිබෙන අතර බස්නාහිර සහ දකුණු පළාත් සභා දෙකේ නිල කාලයද ලබන අප්‍රේල් මාසයේදී අවසන් වීමට නියමිතව ඇත. ඊට අමතරව ලබන ඔක්තෝබර් මාසයේදී උෟව පළාත් සභාවේ නිල කාලයද අවසන්වීමට නියමිතය.

පළාත් සභා මැතිවරණ පැරැණි ක්‍රමයට පැවැත්වීම වඩා හිතකර බව එජාප හා ශ්‍රී ලනිප ඇතුළු ප්‍රධාන පක්ෂවල තීරණය වී ඇති නිසා අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීම ඉතා ඉක්මනින් සිදු කරනු ඇතැයි ජේ‍යෂ්ඨ ඇමැතිවරයෙක් කීය.

ඒකාබද්ධ විපක්ෂය මැතිවරණයක් ඉල්ලන මේ මොහොතේ එජාපයද මැතිවරණයකට යෑමට ඉතා සුදුසු මට්ටමක සිටින බැවින් ජනාධිපතිවරණයකට පෙරාතුව පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි හෙතෙම විශ්වාසය පළ කළේය.
එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී මේ පිළිබඳ සාකච්ඡා කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More