දේශීය පුවත්

දින 50කට අධික කාලයක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වී පැවති ශ්‍රී ලංකාවේ දේශපාලනික අර්බුදය නිමා කරමින් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් විදෙස් රටවල් රැසක් ප්‍රසාදය පළ කර තිබේ.

ඇමෙරිකාව
ශ්‍රී ලංකාවේ ඇමෙරකානු තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් ට්විටර් ඔස්සේ පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සහ ව්‍යවස්ථාමය සම්මුතීන් ආරක්ෂා කරමින් සති අන්තයේ සිදුවූ දේශපාලනික වෙනස සම්බන්ධයෙන් ඇමෙරිකාව ප්‍රසාදය පළ කරන බවය.
ඉන්දු පැසිෆික් කලාපයේ වටිනා සහකරුවෙකු ලෙස සලකන ශ්‍රී ලංකාවේ රජය සහ එහි ජනතාව සමග තවදුරටත් සබඳතා වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරන බව ද ඇය පවසා තිබේ.

යුරෝපා සංගමය
ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, උද්ගත වූ දේශපාලන අර්බුදයට ව්‍යවස්ථානුකූල මෙන් ම සාමකාමී සහ ප්‍රජාතන්ත්‍රවාදී විසඳුමක් ලබා දීම අගය කරන බවය.
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ස්ථිරභාවය පිළිබඳව ප්‍රශංසා කරන අතර ජාතික ප්‍රතිසන්ධානය සහ සියලු ශුභසාධන කටයුතු සඳහා තවදුරටත් සහය ලබා දෙන බව ද එම නිවේදනයේ සඳහන් වේ.

ඔස්ට්‍රේලියාව
මේ අතර, ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේ පැවති දේශපාලනික අස්ථාවරභාවයට විසඳුමක් ලැබීම පිළිබඳව සතුටට පත් වන බවය.
ඊට අමතරව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන මෙම අර්බුදය හමුවේ ක්‍රියා කළ ආකාරය පිළිබඳව ද එම නිවේදනය මගින් ප්‍රසාදය පළ කර තිබේ.

ඉන්දියාව
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, සිය සැබෑ අසල්වැසියා වන ශ්‍රී ලංකාවේ දේශපාලනික තත්ත්වයට විසඳුමක් ලැබීම පිළිබඳව සතුටු වන බවය.
මෙම අර්බුදය හමුවේ සියලු දේශපාලනික බලවේග සිය පරිණතභාවය පළ කළ අතර සියලු ආයතන ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට ක්‍රියා කළ බව ද එහි දැක්වේ.

බ්‍රිතාන්‍යය
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩවුරිස් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More