විදේශ පුවත්

ඉන්දුනීසියාවේ ඇතිවු සුනාමියකින් පුද්ගලයින් 168 මියගොස් 600 ක් පමණ තුවාල ලබා ඇතැයි අන්තර්ජාතික ප්‍රවෘත්ති සේවා පවසයි.

අද දේශීය වේලාවෙන් පස්වරු 9.30 ට පමණ මෙය සිදු වී ඇති අතර ක්‍රකටෝවා ගිනි කන්ද සක්‍රීය වීම නිසා මෙම තත්ත්වය ඇති වී ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

සුනාමි රළ අඩි 20ක් පමණ ඉහළට විහිදුණු අතර නිවාස හා ගොඩනැගිලි විශාල ප්‍රමාණයකට හානි සිදු වී ඇති බවත් මියගිය සංඛ්‍යාව ඉහළ යා හැකි බව ඉන්දුනිසියා ආපදා කලමණාකරන මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඉන්දුනීසියාව නිතර භූමිකම්පා තත්ත්වන්ට මුහුණදෙන රටක් වන අතර එය පිහිටා ඇත්තේ ‘පැසිෆික් ගිනි වළල්ල’ යනුවෙන් හැඳින්වෙන නිරතුරු භූමි කම්පාවලට ලක්වන කලාපය තුළය.

මෑත වර්ෂ වලදී ඉන්දුනීසියාවට භූමිකම්පා සහ සුනාමි කිහිපයකට මුහුණදීමට සිදුවිය.

2004 දෙසැම්බර් 26 වර්ෂයේදී ඉන්දුනීසියාවේ සුමාත්‍රා වෙරළට බටහිරින් සිදු වූ භූකම්පනයකින් පසු ඇති වූ සුනාමි තත්ත්වය රටවල් 14 කට බලපෑ අතර ඉන් පුද්ගලයන් 226,000 මියගියහ.මෑත ඉතිහාසයේ සිදුවූ ප්‍රබලම සුනාමිද මෙය විය.

සුමාත්‍රා බටහිර වෙරළ තීරයේ 2005 වර්ෂයේ මාර්තු අග සහ අප්‍රේල් මුල ඇතිවූ ප්‍රබල භූකම්පාවකින් සිය ගනණක් මිය ගියහ.

2006 වර්ෂයේ රිච්ටර් මාපක 6.8ක විශාලත්වයෙන් ජාවා උතුරු ප්‍රදේශයට සහ ඉන්දුනීසියාවට බලපෑ සුනාමියක් හේතුවෙන් පුද්ගලයන් 700ක් මිය ගොස් ඇත.

2009 බටහිර සුමාත්‍ර පළාතේ අගනුවර වන පදාන් නගරය අවට සිදු වූ රිච්ටර් මාපකයේ 7.6ක සුනාමිය පුද්ගලයන් 1,100 ක් මිය ගියහ.

රිච්ටර් මාපකයේ 7.5 ක විශාලත්වයෙන් මීටර් 10 උසන් 2010 වර්ෂයේ සුමාත්‍රාවේ ඇති වූ ඇති වූ සුනාමියෙන් පුද්ගලයන් 300 මියගොස් ගම්මාන විශාල ප්‍රමාණයක් විනාශ වී ඇත.

2016 උතුරු ඉන්දුනීසියාවේ අචේ ප්‍රාන්තයේ ඇතිවූ ප්‍රබල භූමිකම්පාව නොගැඹුරු භූ කම්පනයක් වුවත් පුද්ගලයන් 100 දෙනෙක් මිය ගොස් ඇත.

2018 ඉන්දුනීසියාවේ සංචාරක දූපතක් වන ලොම්බොක්හි සිදුවූ භූකම්පනය 500 ගණනට මරු කැදවා ඇත.

එම වර්ෂයේම ඉන්දුනීසියාවේ සුලවෙසි දිවයිනට බලපෑ සුනාමියක් හේතුවෙන් වෙරළාසන්න නගරයක් වන පලු නගරයට විශාල හානියක් සිදු වී අති අතර 2000 මියගොස් ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More