දේශීය පුවත්

කළු අගමැතිවරයකු ලෙස පත්වීම් ලබා, කළු කැබිනෙට්ටුවක් පසෙකින් තබාගෙන, කළු ගිවිසුම් අත්සන් කිරීමට සැරසෙන රනිල් වික්‍රමසිංහ මහතා වැනි අයකු රටේ ජනමාධ්‍ය සුදු ද, කළු ද කියා සෙවීම ජනමාධ්‍ය ආයතනවලට සිදු කළ බරපතළ තර්ජනයක් මිස වෙන කිසිවක් නොවන බව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම්, නීතිඥ කපිල ගමගේ මහතා පෙන්වා දෙයි.

අද(23) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කපිල ගමගේ මහතා මෙසේ ද සඳහන් කළේය.

“අප මෙම මාධ්‍ය හමුව හදිසියේ කැඳවූයේ පක්‍ෂයක් ලෙස මාධ්‍යවේදී ඔබ වෙනුවෙන් මේ මොහොතේ අපේ යුතුකම ඉටු කරන්න. යළිත් අගමැති ලෙස පත්වුණු රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සිකුරාදා ජනමාධ්‍ය ආයතන, ජනමාධ්‍යවේදීන් වෙන ඇඟිල්ල දිගු කරමින් සිදු කළ තර්ජනය පිළිබඳව අපගේ දැඩි අවධානය යොමු වූවා. ලබන ජනවාරියේ පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනවිත් කළු ජනමාධ්‍ය හෙළිදරව් කරන බවත් එවිට එම කළු මාධ්‍ය ආයතනවලට අනිවාර්යෙන්ම තමන් පළ කළ ඇතැම් පුවත් සඳහා වන්දි ගෙවීමට සිදු වන බවත් ඒ සඳහා දැන්ම මුදල් ලෑස්ති කර ගන්නා ලෙසත් පවසමින් අගමැතිවරයා මේ කරන්නේ තර්ජනයක් මිස වෙන කුමක් ද? එය ප්‍රජාතන්ත්‍රවාදී රටක අගමැතිවරයකු කිසිසේත්ම කළ යුතු ප්‍රකාශයක් නොවෙයි.

‘බටහිරින් කුලියට ගත් යෙදුමක්’

මේ අගමැතිවරයා පවසන ‘කළු ජනමාධ්‍ය’ යන යෙදුමත් ඔහුගේ අන් සියල්ලම වගේ බටහිරින් කුලියට ගත් එකක්. කළු අගමැතිවරයකු ලෙස, කළු කැබිනට්ටුවක් තබාගෙන කළු ගිවිසුම් අත්සන් කරමින් සියල්ල කළු පාටින් සිදු කරන රනිල් වික්‍රමසිංහ මහතා දැන් ‘සුදු ද කළු ද’ කියලා ජනමාධ්‍යවල පාට බලන්න හදනවා. එහෙම පාට බලලා ‘කළු ජනමාධ්‍ය’ ජනවාරියේදී පාර්ලිමේන්තුවට හෙළි කරනවාලු.

‘රනිල්ට අනුව කළු ජනමාධ්‍ය මොනවාද?’

අපි අහනවා අගමැතිවරයාගෙන් ‘ඔබතුමා ජනමාධ්‍ය කළු ද සුදු ද කියලා බලන්න පාවිච්චි කරන නිර්ණායක මොනවාද? කියා. නැවත ඔබේ ආණ්ඩුව රට ෆෙඩරල් කරන ව්‍යවස්ථාවක් ගෙන එන බව කියන ජනමාධ්‍ය ද කළු ජනමාධ්‍ය ? ඔබ සිංගප්පුරු ගිවිසුම යළි බලාත්මක කරන්න හදන බව කියන ජනමාධ්‍ය ද කළු ජනමාධ්‍ය? ඔබ එට්කා ගිවිසුම අත්සන් කිරීමට සැරසෙන බව කියන ජනමාධ්‍ය ද කළු ජනමාධ්‍ය ? ඔබේ මහ බැංකු බැඳුම්කර හොරකම ගැන කථා කරන ජනමාධ්‍ය ද කළු ජනමාධ්‍ය ? ඔබ හදන්නේ මේ රටට ඔබ කරන විනාශය හෙළදරව් කරන ජනමාධ්‍යවලට කළු ලේබලය ගහලා ඔබේ රටට එරෙහි ක්‍රියාකාරීත්වය වහගන්න නම් අපි කියනවා ‘අගමැතිතුමනි ඔබට වැරදිලා’ කියලා.

ඔබට මේ රටේ ජනමාධ්‍යවලට කළු ලේබල් ගහලා ඔබේ වැරදි වහගන්න බැහැ. ඔබගේ රටට එරෙහි ක්‍රියාකාරීත්වය ජනාධිපතිවරයා පසුගියදා රට හමුවේ තැබුවා. ඔබ එවිට මීක් කියන්නේ නැතිව ඒ කතාව අහගෙන හිටියා. ඒ කතාව පළ පරපු මාධ්‍යයට දැන් පහර දීමට යාම, කළු ලේබල් ඇලවීමට යාම හරියට ‘ගෙදර තියෙන මුව හමට තඩිබෑම වගේ’ ඵලකට නැති වැඩක්. ඒ නිසා හැකිනම් තමන්ගේ වැරදි අඩුපාඩු හදාගෙන සුද්ධවන්තයකු වන ලෙසත් එහෙම නැතිව තමන්ගේ වැරදි වහ ගැනීමට ජනමාධ්‍යවලට කළු ලේබල් ඇලවීමෙන් වළකින ලෙසත් අපි අගමැතිවරයාට පවසනවා.

‘ජුලියස් පුචික් ගත් මඟ ගනිමු’

2015 අගෝස්තුවේදී අගමැතිවරයා ලෙස පත් වූ විගසම රනිල් වික්‍රමසිංහ මහතා මේ ආකාරයටම මෙරට ජනමාධ්‍යවලට තර්ජනය කළා. රාජ්‍ය මාධ්‍ය ආයතනවලින් ඇතැම් මාධ්‍යවේදීන් පන්නා දැම්මා. තමන්ගේ සජීවී දේශපාලන වැඩසටහන් පවා කලින් පටිගත කරවා ගෙන, සංස්කරණය කරවාගෙන අදාළ මාධ්‍ය ආයතනවලින් ප්‍රචාරය කරවා ගත්තා. ජනමාධ්‍යවේදීන්ට අඩන්තේට්ටම් කළා. දැන් ඒ දෙයම යළිත් කරන්න හදනවා. ‘මේ පුහු තර්ජනවලට බිය නොවී ජුලියස් පුචික් කීවා සේ හිස කෙලින් තබාගෙන, කිසිවකුට හිස නොනමා තමන්ගේ යුතුකම ජනතාව වෙනුවෙන් ඉටු කරන්න’ කියා අපි මෙරට සහෝදර ජනමාධ්‍යවේදීන්ගෙන් ඉල්ලනවා. ඒ සඳහා ඔබට ධෛර්ය ශක්තිය පතනවා.

‘බෙදුම්වාදීන්ගේ මහින්ද භීතිකාව’

ඒ වගේම අද කථානායකවරයා ඉතාම සරල කාරණයක් වුණු විපක්‍ෂනායක ධුරයට මහින්ද රාජපක්‍ෂ මැතිතුමා පත් කිරීම කල් දමමින් තිබෙනවා. නැති ප්‍රශ්න ඇති කරමින් සති ගණන් කල් මරමින් ඉන්නවා. කරු ජයසූරිය මහතාගේ වැඩෙන් පෙනී යන්නේ බෙදුම්වාදී බලවේග ජනාධිපති මහින්ද රාජපක්‍ෂට බිය වුණා වගේ, අගමැති මහින්ද රාජපක්‍ෂට බිය වුණා වගේ ඔවුන් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂටත් බිය වෙලා කියන එකයි. මේ විපක්‍ෂ නායක ධුරයට මහින්ද රාජපක්‍ෂ මැතිතුමා පත් කිරීම මහා ගණිත ගැටළුවක් නම් අපි කියනවා ‘කථානායකතුමනි, ඒ මහා ගණිත ගැටළුව විසඳා ගන්න රෝසි සේනානායක මහත්මියගෙන් වහාම උපදෙස් ගන්න’ කියා.

මෙම මාධ්‍ය හමුවට ජානිපෙ මධ්‍යම කාරක සභික චානක සුමිත් කුමාර, කොළඹ මහ නගර සභා මන්ත්‍රී සමන්ත නෙළුම්දෙණිය යන මහත්වරු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More