දේශීය පුවත්

ජාතික ආණ්ඩු යෝජනාවක් යළිත් ඉදිරිපත් කර ඇමැති ධුර සංඛ්‍යාව වැඩි කර ගැනීමට එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව සැලසුම් කර ඇති බව වාර්තා වේ.

ඊට අදාළ යෝජනාව ලබන වසරේ පාර්ලිමේන්තු සභාවාරයේදී ගෙන ඒමට සැලසුම් කර ඇත.

එම ජාතික ආණ්ඩුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සමග ඇති කර ගැනීම සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් ඇතුළු පිරිස 2015 මහමැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණ යටතේ තරග කර මන්ත්‍රීධුර හයක් ලබා ගත් අතර මඩකලපුවට පමණක් මුස්ලිම් කොංග්‍රසය යටතේ තරග කර ජාතික ලැයිස්තුවෙන් සෙයිඩ් අලි සාහිර් මවුලානා පාර්ලිමේන්තුවට තේරී පත් විය.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජාතික ආණ්ඩුවක හැර නැතිනම් අමාත්‍යධුර 30ක් හා රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැති ධුර 40ක් දක්වා සීමා කර ඇත. ජාතික ආණ්ඩුවක කැබිනට් ඇමැතිධුර 45ක් දක්වා වැඩි කළ හැකිය.

කෙසේ වෙතත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව 46 වැනි වගන්තිය 4 (11) හි සඳහන් පන්නේ පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබාගන්නා පිළිගත් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් හෝ ජාතික ආණ්ඩුවක් පිහිවන අවස්ථාවේදී අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව පාර්ලිමේන්තුව විසින් තීරණ කළ යුතු බවය.

එහි 5 වැනි වගන්තියේ 4 වැනි අනු ව්‍යවස්ථාවේ කාර්යයන් සඳහා ජාතික ආණ්ඩුවක් යනුවෙන් සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ගන්නා පිළිගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම සහ පාර්ලිමේන්තුවේ අනෙකුත් පිළිගත් දේශපාලන පක්ෂ​ හෝ ස්වාධීන කණ්ඩායමක් එකතුව පිහිටුවනු ලබන ආණ්ඩුව බව සඳහන් කර ඇත.

කෙසේ වෙතත් මෙම යෝජනාව දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන හිටපු අගමැති මහින්ද රාජපක්ෂ පත් කිරීම සම්බන්ධයෙන් ලබා දෙන තීන්දුවෙන් පසුව ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පෙරමුණ සැලසුම් කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More