දේශීය පුවත්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය සහ එවකට සිටි ත‍්‍රිවිධ හමුදාපතිවරුන් වන සරත් ෆොන්සේකා, වසන්ත කරන්නාගොඩ සහ රොශාන් ගුණතිලක යන හමුදා ප‍්‍රධානීන්ට එරෙහිව සමූලඝාතන චෝදනා මත නඩු ගොනු කිරීමේ මෙහෙයුමක් කොටි ඩයස්පෝරාවේ නීතිවේදිනී සිවානි ත්‍යාගරාජා ප‍්‍රමුඛ බි‍්‍රතාන්‍ය ඇමරිකානු නීතිවේදීන් පිරිසක් විසින් දියත් කර ඇත.

මෙම මෙහෙයුම ලන්ඩන් පාර්ලිමේන්තුවේ ශාලාවක පැවැති සාකච්ඡාවකදී තීරණය වී තිබේ. 2019 ජනවාරි මස මේ නඩු බි‍්‍රතාන්‍ය අධිකරණයේදී ගොනු කෙරේ.

ශ‍්‍රී ලංකා රජය අතුරුදන්වූවන්ගේ පනත සම්මත කර ඇති නිසා ඔවුන්ට එරෙහිව නඩු ගොනු කිරීමේ මාර්ගය විවෘත වී ඇති බව එම ඩයස්පෝරා නීතිවේදීන් ප‍්‍රකාශ කර ඇත.

එසේම ලබන මාර්තු මස ජිනීවා නුවර පවත්වන 40 වැනි මානව හිමිකම් සමුළුව හමුවේ ද ඉහත කී පිරිසට වෙන වෙනම සමූලඝාතන චෝදනා ඉදිරිපත් කිරීමට ද කොටි ඩයස්පෝරාව තීන්දු කර තිබේ.

බි‍්‍රතාන්‍යයේ ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ ලේකම් නීතිවේදී ජයරාජ් පලිහවඩන මහතා මේ මෙහෙයුමට අදාළ තොරතුරු හෙළි කළේ (21) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි .

ඊට අමතරව හේග් නුවර ජාත්‍යන්තර අධිකරණය වෙතද යුද අපරාධ චෝදනා ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

එක්සත්රාජධානියේ ලේකම් ජෙයරාජ් පලිහවඩන, ඕස්ට්‍රේලියාවේ සභාපති ආචාර්ය දසරත් ජයසූරිය, ස්විස්ටර්ලන්තයේ සභාපති ඒරික් මාකවිට, අයර්ලන්තයේ සභාපති සුමින්ද රණතුංග සහ ශ්‍රී ලංකා සම්බන්ධීකාරක නීතිඥ නුවන් බැල්ලන්තුඩාව යන මහත්වරු මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළ කර සිටියහ.

– Divaina

a

චෝදනාව මනුෂ්‍ය සංහාරය; මහින්දට – ගෝඨාට – ෆොන්සේකාට එතෙරදී නඩු – ජෙයරාජ් පලිහවඩන ලේකම් – ගෝලීය ශ්‍රී ලාංකික සංසදය, එක්සත් රාජධානිය

Gepostet von Lanka Lead News am Samstag, 22. Dezember 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More