අගමැතිවරු දෙදෙනකු පිළිබද ගැටලුව විසදී සතියක් යනවිට විපක්ෂ නායක ධුරයට දෙදෙනකුගේ හිමිකම් කියන විකාරසහගත තත්වයක් නිර්මාණය වී ඇති නමුත් කවුරුන් අගමැතිවුවත් කවුරු විපක්ෂ නායක වුවද ජනතාවට යහපතක් ඇති නොවන බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.
ඇමති මණ්ඩලයක් නම් කිරීම ඇතුළු දේශපාලන තත්වයන් සම්බන්ධව පෙ.ස.ප. ඊයේ(21) කැදවූ මාධ්‍ය හමුවේදී අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ විසින් මේ බව ප්‍රකාශ කරණ ලදී.
පසුගිය කාලයේ ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උදුරාගත් රනිල්-මෛත්‍රි හවුල් ආණ්ඩුව කුමන්ත්‍රණකාරී ලෙස අකර්මණ්‍ය කළ තත්වයකදී රනිල්ගේ අගමැතිකම දැරීමේ අයිතිය වෙනුවෙන් පවා ජනතාව පාරට බැස්ස බව පැවසූ පෙ.ස.ප. අධ්‍්‍යාපන ලේකම්වරයා, නැවත අගමැතිකම ලබාගත්තද රනිල්ගෙන් ප්‍රජාතන්ත්‍රවාදය හිමිකරගත හැකි වේයැයි සිතිය නොහැකි බව පැවසීය. පසුගිය වසර 4ට ආසන්න කාලය තුළ කම්කරුවන්, ගොවියන්, ධීවරයන්, කාන්තාවන්, ගුරුවරුන්, දුම්රිය සේවකයන්, ශිෂ්‍යයන් අතැුළු කිසිදු බලවේගයකට ප්‍රජාතන්ත්‍රවාදීව හිමිවිය යුතු කිසිවක් අගමැති රනිල් විසින් ලබා නොදුන්නද ඔහුගේ අගමැතිකම නැවත ලබා දෙන්නට එකී බලවේග නියෝජනය කරමින් ජනතාව ක්‍රියාකාරී වූ බව පෙන්වා දුන්නේය. එසේම ඔහු කීවේ මින් පෙර එවැනි ජනතා බලවේග සිය අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාත්මක වූ ආකාරයට පාර්ලිමේන්තුවට පිටස්තර බලයක් සටන් කර ගොඩ නැගීමෙන් මිස අගමැති රනිල්ගෙන් පසුගිය වසර 4ක ලැබූ අත්දැකීම මිස අයිතිවාසිකම් ලබා ගත නොහැකිවනු ඇති බවය.
මේ වනවිට විපක්ෂනායක දුරයට මහින්ද රාජපක්ෂ හා සම්බන්ධන් අයිතිවාසිකම් කියන නමුත් ඔවුන් දෙදෙනාගෙන් පවා ජනතාවට කිසිදු අයිතිවාසිකමක් ජයග්‍රහණයක් හිමි නොවූ බව පුබුදු ජයගොඩ පෙන්වා දෙයි. සම්බන්දන් විපක්ෂ නායකායව සිටියදී පීඩිත ජනතාවට අයිතිවාසිකම් වෙනුවෙන් පාරට බැස සටන් කරන්නට සිදුවූ බවද සම්බන්ධන්ලා ඒ අයිතිවාසිකම් සටනට එක් නොවූ බවද, පාර්ලිිමේන්තුවේ විපක්ෂයට වඩා ජනතාව අරගලකාරි ලෙස නිර්මාණය කළ විපක්ෂ බලවේග සටන්කර ජයග්‍රහණ හිමිකරගත යුතු බවද ඔහු කීය. දැන් විපක්ෂනායකකමට පොරබදන මහින්ද රාජපක්ෂ ලෝක වෙළදපොළේ තෙල්මිල අඩු නිසා තෙල් අඩු කරන ලෙස ඉල්ලන්නේ ජනතාවට ආදරයෙන් නොවන බවත් ඔහු ජනාධිපතිව මුදල් ඇමතිකමද දරමින් සිටි කාලයේ ලෝක වෙළදපොළේ තෙල් මිල අඩුවන විට අධිකරණ නියෝගයකින් පවා තෙල් මිල පහත නොදැමූ බව සිහිපත් කරන ලදී.
මේ නිසා දේශපාලන බලලය වෙනුවෙන් එක් එක් බලලෝභී නායකයන් විසින් ගෙන යන ක්‍රියාමාර්ගවලින් ජනතාවට ජයග්‍රහණ හිමිකරගත නොහැකි බව සනාථ වී ඇත. අවුරුදු 70ක් දික්ගැසුණු පාලක බලපොරයේ බොන්සායි නිරූපණයක් දින 50කින් ජනතාවට සමීපව අත්දකින්නට හැකි වූ බවද බලය වෙනුවෙන් ඔවුන් කළ කී දේ නිසා ජනතාව වෙනුවෙන් වගකිම් ඉටු කරන්නට ඔවුන්ට අවශ්‍ය නැති බව වඩාත් හොදින් පැහැදිලි වෙමින් තිබේ. මේ නිසා ජනතාව තමන්ගේ ගැටලු විසදා ගැනීම වෙනුවෙන් සංවිදානාත්මකව අරගල කල යුතු බවද පාලකයන් බලපොරයේ යෙදෙන ආකාරය නරඹමින් සිටියහොත් ජනතාවට ඇත්තටම විදින්නට සිදුව ඇති පීඩාවට විසදුමක් සොයනු වෙනුවට පාලක කන්ඩායම්වල බල පොරයේ ඉත්තන් බවට පත්වන්නට සිදුවන බවද පෙ.ස.ප. අධ්‍යාපන ලේකම්වරයා අවධාරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...