දේශීය පුවත්

කිලිනොච්චි දිස්ත්‍රික්කයට ඊයේ සහ අද (22) අලුයම දක්වා ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමඟ කිලිනොච්චියේ විශාලම ජලාශය වන ඉරණමඩු ජලාශය ඇතුළු ප්‍රධාන වැව් කිහිපයක් වාන් දැමීමත් සමඟ පහළ ප්‍රදේශයන්හි ගංවතුර තත්ත්වයක් ඇතිව තිබෙන අතර මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසා ගමනාගමන කටයුතුවලට දැඩි ලෙස බාධා එල්ල වී ඇති බවට කිලිනොච්චිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියා සිටියේය.

කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ ජලමට්ටම අඩි 38ක් දක්වා ඉහළ යාම හේතුවෙන් ඉරණමඩු ජලාශයේ වාන් දොරටු සියල්ලක්ම මේ වන විට විවෘත කොට ඇති බවට කිලිනොච්චිය වාර්මාර්ග නිළධාරීන් ප්‍රකාශ කර සිටියහ.

ඉරණමඩු ජලාශය ඇතුළු වැව් වාන් දැමීමත් සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් කොටු වී සිටි ජනතාව මුදවා ගැනීමේ කටයුතු කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානයේ යුධහමුදා නිළධාරීන් දැඩි උත්සාහයක නිරතව සිටී. අද අලුයම දක්වා ගත වූ පැය 24ක කාලය තුළදී කිලිනොච්චි දිස්ත්‍රික්කයට මිලිමීටර් 150 කට අධික වර්ෂාපතනයක් ඇදහැලී ඇති අතර පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් ගංවතුර තත්ත්වයත් හේතුවෙන් පීඩාවට පත් වූ ජනතාව ගණනය කිරීමට නොහැකි වී ඇති බවට කිලිනොච්චිය ආපදා කළමනාකරණ ඒකකය වැඩිදුරටත් පැවසුවේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More