දේශීය පුවත්

පාර්ලිමේන්තුවට ලබන ජනවාරි මාසයේ යෝජනාවක් ගේනවා. ඒ යෝජනාව මඟින් මේ රටේ සියලුම කළු මාධ්‍ය පිළිබඳ තොරතුරු හෙළි කරනවා යැයි අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී පැවැසීය.
ඇමැතිවරුන් පත් කිරීම සඳහා මන්ත්‍රිවරුන්ගේ නම් ලැයිස්තුව ඉදිරිපත් කළේ අගමැති ලේකම් කාර්යාලයෙන්. එම ලැයිස්තුවේ ඇතුළත්ව නොතිබුණු මන්ත්‍රිවරුන්ගේ නම් මාධ්‍ය මඟින් ප්‍රකාශ කර තිබෙනවා. ඒ මන්ත්‍රිවරුන්ට ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්න පුළුවන්. අදාළ මන්ත්‍රිවරුන්ට වන්දි ගෙවීම සඳහා චෙක්පත් සූදානම් කරගන්න කියලා ඒ මාධ්‍ය ආයතනවලට කියනවා.

කැබිනට් හා අනෙක් ඇමැතිවරු පත් කළ පසු මම පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරනවා. විවිධ මත තිබෙනවා. ඒවා සාකච්ඡා කරලා විසඳගන්න පුළුවන්. විජිතමුණි සොයිසා මන්ත්‍රිතුමාගේ නම මම යැව්වේ නැහැ. ඒත් මම ඒ නම යැව්වා කියලා මාධ්‍යවල පළවෙලා තිබෙනවා. මේක තමයි කළු මාධ්‍ය. ඔක්තෝබර් 26දා ඉඳලා කළු මාධ්‍ය මොනවාද කළේ කියලා දන්නවා.

නඩු දැම්මාම ගෙවන්න සල්ලි තියෙනවාද? නම් ලැයිස්තු යවන්නේ අගමැති ලේකම් කාර්යාලයෙන්. ජනවාරි මාසයේ විවාදයක් කරලා ඔක්කොම හෙළිකරනවා. අපිට මාධ්‍ය නැති කරන්න ඕන නෑ. මම කියන්න ඕන දේ කියනවා. ඒ ගැන කිසිවක් හිතේ තියාගන්න ඕන නෑ. කරුණාකරලා චෙක්පත් ටික ලෑස්ති කරගෙන තියාගන්න.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More