ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් පුළුල් දේශපාලන සන්ධාන තුනක් ඉදිරි සති කිහිපය තුළ බිහි වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ තවත් පක්ෂ කිහිපයක් එක්ව පුළුල් සන්ධානයක් බිහි කිරීම සම්බන්ධයෙන් මේ වන විට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති අතර එම පෙරමුණ ‘ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය’ යනුවෙන් නම් කර ඇත.
එලෙසම පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව තවත් පක්ෂ රැසකගේ සහභාගිත්වයෙන් සන්ධානගතව මැතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධව ඒ පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා සිදු කරමින් සිටී.
මේ අතර එම ප්‍රධාන පක්ෂවලින් ඉවත් වූ දේශපාලන නායකයන් ඇතුළු වාමාංශික දේශපාලන මත දරන කණ්ඩායම් එක්ව සන්ධාන ගත වී මැතිවරණයට තරග කිරීමට සූදානම් වන බව පැවසේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...