දේශීය පුවත්

රාජිත සේනාරත්න මහතාට නැවත වතාවක් සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබාදීමට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග තීරණය කිරීමට හදිසි විධායක සභා රැස්වීමක් කැඳවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

විධායක සභා රැස්වීම කැඳවන දිනය ඊයේ (21) උදෑසන තීරණය කරන බවත්, විධායක සභා රැස්වීමෙන් පසු මධ්‍යම කාරකසභා රැස්වීමක්ද කැඳවන බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

රාජිත සේනාරත්න මහතා පසුගිය කාලයේදී සිදුකළ විවිධ ක්‍රියා නිසා ඔහුට සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබා නොදෙන ලෙස ඉල්ලා වෛද්‍යවරුන් දාහතරදහසකට අධික ප්‍රමාණයකගේ අත්සන් සහිත පෙත්සමක් ජනාධිපතිවරයාට භාරදී තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

එසේ තිබියදී රාජිත සේනාරත්න මහතාට සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබා දී තිබෙන බවත්, මේ නිසා සෞඛ්‍ය සේවාව තුළ රටට නොගැළපෙන දෙයක් සිදුවුවහොත් සෞඛ්‍ය අමාත්‍යවරයා පත් කළ පිරිස් විසින් එහි වගකීම භාරගත යුතු බවත් හෙතෙම සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More