විදේශ පුවත්

ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් තව ත් 80කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.මේ අතර එම ප්‍රදේශයට දෙවන වරටත් ප්‍රහාරයක් එල්ල කිරීමට ගත් උත්සහය ව්‍යර්ථ කළ බව ස්පාඤ්ඤ පොලීසිය නිවේදනය කළේ ය.

ස්පාඤ්ඤ මධ්‍ය උපුටා දක්වමන් බී.බී.සී. ලෝක සේවය වාර්තා කළේ, පොලිස් වෙඩි පහරින් ත්‍රස්තවාදීන් 4 දෙනෙකු ද මිය ගොස් ඇති බව ය.

මහමග සිටි පිරිස් යට කරමින් වෑන් රියක් ධාවනය කරවීමට සැලැස්වූයේ ඊයේ පස්වරුවේ ය. බාසිලෝනාහි රම්බ්ලස් නම් වූ සංචාරක ප්‍රදේශයකදී මෙම සිදුවීම වාර්තා විය. මෙය ත්‍රස්ත ප්‍රහාරයක් සේ සලකා පරීක්ෂණ ක්‍රියාත්මක බව ස්පාඤ්ඤ පොලීසිය නිවේදනය කළේ ය. එරට අග්‍රාමාත්‍ය මරිආනෝ රජොව් ප්‍රකාශ කළේ මෙය ජිහාඩ් ප්‍රහාරයක් බව ය.

මේ අතර අරාබි ප්‍රවෘත්ති ඒජන්සියක් මගින් කෙටි නිවේදනයක් නිකුත් කළ අයි.එස්. ත්‍රස්තවාදීන් පවසන්නේ, ප්‍රහාරයේ වගකීම තමන් භාර ගන්නා බව ය. ජනතාවට මහ මගට නොඑන ලෙස පොලීසිය උපදෙස් දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. ප්‍රහාරයෙන් අනතුරුව බාසිලෝනා නුවර හා අවට දැඩි සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක අතර ප්‍රහාරය සඳහා පුපුරණ ද්‍රව්‍ය සකස් කළ බවට සැක කළ හැකි නිවසක් පොලීසිය විසින් වටලා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More