දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ යුධ අපරාධ සිදුවූ බවට ජිනීවා මානව හිමිකම් සමුළුවේදී එල්ලවන චෝදනා වලින් රණවිරුවන් බේරාගතහැක්කේ ජනාධිපතිවරයාට පමණක් බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුව පවසයි.

ඊයේ (21) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ ලේකම් යසස් ධර්මදාස මහතා මේ බව කියා සිටියේය.

‍ලබන මාර්තු මාසයේ පැවැත්වෙන 40 වැනි මානව හිමිකම් සැසියේ දී ශ්‍රී ලංකාවේ ඉරණම කෙසේ විසදේද යන්න ගැටලුසහගත බව ඔහු පවසා සිටියේය.

සංවිධානයක් ලෙස ශ්‍රී ලංකාව වෙනුවෙන් මානව හිමිකම් කවුන්සලය හමුවේ කරුණු දක්වමින් සුවිශේෂී මෙහෙවරක් ඉටුකර ඇති බවත් ආණ්ඩුව විසින් මේ දක්වා මේ සඳහා යහපත් ප්‍රතිචාරයක් නොදක්වා ඇති බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කර සිටියේය.

ජිනීවා යෝජනාවලියට සම අනුග්‍රහය දැක්වීම නිවැරදි දැයි සොයා බැලීමට ව්‍යවස්ථාවේ 129 වගන්තියෙන් ජනාධිපතිවරයාට තිබෙන බලතල අනුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා බලන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරන බවද ඔහු පවසා සිටියේය.

එක්සත්රාජධානියේ ලේකම් ජෙයරාජ් පලිහවඩන, ඕස්ට්‍රේලියාවේ සභාපති ආචාර්ය දසරත් ජයසූරිය, ස්විස්ටර්ලන්තයේ සභාපති ඒරික් මාකවිට, අයර්ලන්තයේ සභාපති සුමින්ද රණතුංග සහ ශ්‍රී ලංකා සම්බන්ධීකාරක නීතිඥ නුවන් බැල්ලන්තුඩාව යන මහත්වරු මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළ කර සිටියහ.

ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් ආණ්ඩුවට යෝජනා දෙකක්

ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් ආණ්ඩුවට යෝජනා දෙකක්

Gepostet von Lanka Lead News am Freitag, 21. Dezember 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More