දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව රාජ්‍ය මාධ්‍ය ආයතන තුළ එ.ජා.ප හිතවාදීන් සහ නව සභාපතිවරුන් විසින් භීෂණයක් මුදා හරිමින් කර්තෘවරුන්ට සහ මාධ්‍යවේදීන්ට තර්ජනය කරමින් මාධ්‍ය නිදහස අමු අමුවේ උල්ලංඝනය කරමින් ඇති බැවින් වහාම රාජ්‍ය මාධ්‍ය ආයතන ජනාධිපතිවරයා යටතට පවරා ගන්නා ලෙස “සත්‍ය ගවේෂී ස්වාධීන මාධ්‍යවේදීන්ගේ සංසදයේ සභාපති සහ සම කැඳවුම්කරු මාධ්‍යවේදී චන්දන බණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි. එම මාධ්‍ය නිවේදනය මෙසේය.

සත්‍ය ගවේෂී ස්වාධීන මාධ්‍යවේදීන්ගේ සංසදය.
2018/12/20.
කොළඹදීය.

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය ,
කොළඹ.

අතිගරු ජනාධිපතිතුමනි.

“ මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම් රැසක් – රාජ්‍ය මාධ්‍ය ආයතන වහාම පවරා ගන්න “-

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයේ නව ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා විසින් ලේක්හවුස් ආයතනයේ නව සභාපතිවරයා ලෙස පත් කර ඇතැයි කියන ක්‍රිෂාන්ත කුරේ සභාපතිවරයා විසින් ඊයේ දිනයේ 2018/12/20 දින දිනමිණ කර්තෘ සී.ජේ අමරතුංග මහතාට බැණ තර්ජනය කර ඇති බවට අප වෙත පැමිණිලි ලැබී තිබේ.

“ තමුසේ වහාම ඔය තනතුරින් ඉවත් වෙනවා.“ යැයි කියමින් ක්‍රිෂාන්ත කුරේ සභාපතිවරයා දිනමිණ කර්තෘවරයාට දිනමිණ කර්තෘමාණ්ඩලිකයන් ඉදිරියේ බැණ තර්ජනය කර තිබේ. අදාළ කර්තෘවරයා කුමන දේශපාලන මතයක් දැරූවද ,කුමන පක්ෂයකට අයත් වුවද නව ලේක්හවුස් සභාපතිවරයා කර්තෘවරයකුට බැණ තර්ජනය කිරීම අප ඉතා පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

මාධ්‍ය නිදහස , ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව නිරතුරු උදම් අනමින් සිටින අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතාත් නව ලේක්හවුස් සභාපතිවරයාගේ පිළිකුල්සහගත ක්‍රියාව අනුමත කරන්නේදැයි අප ප්‍රශ්න කර සිටිමු. එපමණක් නොව නව සභාපතිවරයා විසින් ඩේලිනිව්ස් පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ චාමිකර වීරසිංහ මහතාට සහ සිළුමිණ කර්තෘ සුනිල් ජයසේකර මහතාටද වහාම සිය තනතුරුවලින් ඉල්ලා අස්වන ලෙස තර්ජනය කර ඇතැයි අප වෙත පැමිණිලි ලැබී තිබේ.

එමෙන්ම නව සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතා විසින් ලේක්හවුස් ආයතනයේ තවත් සේවකයන් සහ මාධ්‍යවේදීන් කීප දෙනකු වෙතින් පළිගැනීමේ චේතනාවෙන් යුතුව කටයුතු කිරීමේ සුදානමක් ඇතැයිද තොරතුරු වාර්තා වෙයි. 2015 ජනවාරි 08 වැනිදා යහපාලන රජය බලයට පත් වීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂය විසින් ජනමාධ්‍ය නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව කතා කළද එය පුස්සක් බව දිනමිණ කර්තෘවරයට , සිළුමිණ කර්තෘවරයාට සහ ඩේලිනිව්ස් ප්‍රවෘත්ති කර්තෘවරයාට ලේක්හවුස් නව සභාපතිවරයා තර්ජනය කිරීමේ සිදු වීමෙන් ගම්‍ය වේ.

ලේක්හවුස් සභාපතිවරයාගේ ද්වේශසහගත පළිගැනීමේ චේතනාවෙන් යුතු මේම ක්‍රියාකලාපය අනෙකුත් රාජ්‍ය මාධ්‍ය ආයතනවලට පත් කරනු ලබන සභාපතිවරුන් වෙතින්ද ඉදිරියේදී දක්නට ලැබෙනු ඇති බවට අප වෙත සැකයක් උපදී.

එබැවින් විශේෂයෙන් “ලේක්හවුස් ආයතනයද ඇතුළුව රාජ්‍ය මාධ්‍ය ආයතන කීපයක්“ හෝ ඔබතුමාගේ විෂය පථය යටතට පවරා ගන්නා මෙන් ඉල්ලා සිටිමු.

ස්තුතියි.
මෙයට,
මාධ්‍යවේදී චන්දන බණ්ඩාර.
( සභාපති සහ සම කැදවුම්කරු – සත්‍ය ගවේෂී ස්වාධීන මාධ්‍යවේදීන්ගේ සංසදය)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More