දේශීය පුවත්

ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ සාමාජිකයින් අද (21) පෙරවරුවේ විරුද්ධ පක්ෂ නායක ගරු මහින්ද රාජපක්ෂ මහතා විජේරාම මාවතේ පිහිටි එතුමාගේ නිවසේදී හමුවිය.

එහිදී ජාත්‍යන්තරව සහ රටතුල පවතින වත්මන් තත්ත්වය පිළිබඳව ජිනිවාහී මානව හිමිකම් කොමිසමට අදාල කරුනු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවුනි. එහිදී ගෝලීය ශ්‍රීලාංකික සංසදය රියර් අද්මිරාල් ආචාර්‍ය සරත් වීරසේකරයන් පෙරටු කරගෙන කරගෙනගිය කටයුතු පිළිබඳව දීර්ඝව කරුනු ව්ග්‍රහ කෙරුනි.

ප්‍රධානවශයෙන් ගෝශ්‍රීලාසංය විපක්ෂනායකතුමාගෙන් ඉල්ලා සිටියේ පසුගිය අසාර්ථක යහපාලන රජයේ ඇමතිවරයෙකු විසින් රාජ්‍යනායකයාගේ සහ කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් තොරව සම-අනුග්‍රගයදී පිළිගන්නාලද යුධ අපරාධ චෝදනාවන් බාරගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව පාර්ලිමේන්තුව තුල ප්‍රශ්න කරන ලෙසත්, ව්‍යවස්ථාවේ 129 වන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිතුමාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමක් කරන ලෙසත්, ඒ අනුව සම-අනුග්‍රහයෙන් ඉවත්වන ලෙසත්, ප්‍රතියෝජනා ඉදිරිපත්කිරීමට කටයුතු නොකරන ලෙසත් සහ විරුවන්ගේ නිර්දෝශීභාවය පිළිබඳව මානව හිමිකම් සමුලුවේදී නිවැරදිකර පෙන්වන ලෙසත්වේ.

එගිදී විපක්ෂ නායකතුමා විසින් ඉතා කනගාටුදායක අවස්ථාවන් දෙකක් පිලිබඳව පැහැදිලි කරන ලදී. එනම් සම-අනුග්‍රගය දක්වා පිළිගන්නා ලද යුධ අපරාධ චෝදනා වලට විරුද්ධව යෝජනාවක් විපක්ෂය විසින් ඉදිරිපත් කලහොත් අනිවාර්‍යයෙන්ම එය වත්මන් රජයට විරුද්ධව ගෙන ආ යෝජනාවක් ලෙස වත්මන් රජය සලකන බවත් ඒ අනුව එම යෝජනා පරාජය කරවීමට කටයුතු කරනු ඇති බවත් එසේ යුධ අපරාධ චෝදනා ප්‍රතික්ෂේප කිරීමට ගෙනෙන යෝජනාවක් පාර්ලිමේන්තුව තුල පරාජය වීම රනවිරුවන් රැකගැනීම සඳහා සිදුකරනු ලබන කටයුතු වලට අයහපත්ලෙස බලපාන බවයි. අනෙක් කරුන වූයේ මෑතක සිදුවූ ක්‍රියා දෙස බැලීමේදී අධිකරණයේ තීරණය බොහෝදුරට යුධ අපරාධ චෝදනා පිළිබඳව අවාසි සහගත විය හැකි බවයි.

මෙහිදී නිතිඥ දර්ශන් වීරසේකර ප්‍රමුඛ විද්වත් මණ්ඩලයක් ව්සින් සම්පාදනය කරනලද විරුවන්ගේ විත්තිවාචකයේ පිටපතක්ද එතුමාට පිලිගන්වන ලදී. මෙහි වැදගත්කම වන්නේ යහපාලන රජය විසින් සම අනුග්‍රහය දක්වා පිලිගන්නාලද මානව හිමිකම් සමුලුවේ 30/1 යුධ අපරාද චෝදනා හතම නිශේධනය කර තිබීමත්, ලබන මාර්තු මාසයේදී 30/1 න් යෝජිත ඳඬුවම් ක්‍රියාත්මක කිරීම නිමකිරීමට ලංකාව බැඳී සිටීමත් යන කරුනුවේ.

තවදුරටත් ගෝශ්‍රිලාසංයේ විධායක කමිටුවේ සාමාජිකයින් කරුනු දක්වමින් කියා සිටියේ ලබන මාර්තු මාසයේදී කොටි ඩයස්පෝරාව බලාපොරොත්තුවන්නේ එක් එක් පුදගලයින්ට විරුද්ධව මානව හිමිකම් කොමිසමට යෝජනා ඉදිරිපත් කිරීමත් බවත් ඒ අනුව මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, සරත් ෆොන්සේකා, ඇතුලු සමස්ත විධාන මණ්ඩලයට විරුද්ධව යෝජනා ගෙන ඒමට යෝජිත බවත්වේ. මෙම යෝජනා සම්මත කරගෙන ඇත්තේ පසුගිය දින එංගලන්තයේ පාර්ලිමේන්තුවේ අංක 10 ශාලාවේදී රැස්වුන රටින් පිටත පිහිටුවා ඇති ඊලාම් රජයේ රැස්වීමේදී බවත්, එම යෝජනා එංගලන්ත පාර්ලිමේන්තුව මගින් ගෙන ඒමට යෝජනා කිරීමට කටයුතු කිරීමට එකඟවුන බවත් සැලකරන ලදී. එහිදී විපක්ෂනායකතුමා පවසා සිටියේ දැනට කොටි ඩයස්පෝරාවේ අනුග්‍රගය ලබන ලාංකික සම්භවය ඇති හතර දෙනෙක් එංගලන්ත පාර්ලිමේන්තුවේ සිටින බව වාර්තාවී ඇති බවයි. මෙහිදී සංසදයේ සාමාජිකයින් පවසා සිටියේ එසේ බලපෑ හැකි අයහපත් වාතාවරණය නැතිකිරීම සඳහා ශ්‍රීමත් නෙස්බි සාමිවරයා ඇතුලු ශ්‍රී ලංකාවට හිතැති එංගලන්ත පාර්ලිමේන්තුව නියෝජනය කරන මැතිවරුන්ගේ අනුග්‍රහය ලබාගන්නා ලෙසයි.

මෙම සාකච්ඡාව සඳහා ගෝශ්‍රීලාසංයේ විධායක කමිටුව නියෝජනය කරමින නුවන් බැල්ලන්තුඩාව (නේවාසික නියෝජිත, ශ්‍රී ලංකාව), එරික් මාකාවිටගේ (සභාපති, ස්විස්ටර්ලන්තය), සුමින්ද රණතුංග (ලේකම්, අයර්ලන්තය), යසස් ධර්මදාස (ලේකම් සහ එක්සත් අරාබි එමීරයේ ශාඛාවේ නියෝජිත), ජයරාජ් පලිහවඩන (ලේකම්, එක්සත් රාජධානිය), ආචාර්‍ය දසරත් ජයසූරිය (නියෝජිත, ඕස්ට්‍රේලියාව) යන මහත්වරුන් සහභාගීවිය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More