මහනුවර මහනගර සභාවේ 2019 අයවැය පළමු වර නැවත කියවීම එක්සත් ජාතික පක්ෂය වැඩි ඡන්දයකින් පරාජයට පත් වී තිබේ.
නගරාධිපති කේසර දහම්ගොඩ සේනානායක මහතා විසින් සභාවට අය වැය පළමු වර කිමවීම ඉදිරිපත් තළ අතර ඡන්දය විමසීම විවෘතව සිදුකරනු ලැබීය.
නගරාධිපති කේසර සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ මහනුවර මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රීවරුන් 19ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රීවරුන් 16ක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මන්ත්‍රීවරු 03ක්, ජනතා විමුක්ති පෙරමුණට මන්ත්‍රීවරු 02ක්, ද්‍රවිඩ ප්‍රගතශීලී සන්ධානයට මන්ත්‍රීවරු 01ක් වශයෙන් මන්ත්‍රීවරු 41ක පිරිසක් මහ නගර සභාවේ ඒ ඒ පක්ෂ නියෝජනය කරනු ලබයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විරුද්ධව ඡන්දය පළ කර අතර මනෝ ගනේශන් මහතාගේ ප්‍රගතශීලී සන්ධානයේ මන්ත්‍රීවරයා අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරනු ලැබුණි.
ඒ අනුව, පාලක එක්සත් ජාතික පක්ෂයට ඡන්ද 20ක්, විපක්ෂව ඡන්ද 21ක්, ලෙස එක්සත් ජාතික පක්ෂය වැඩි ඡන්දයකින් 2019 අයවැය පළමුවර කියවීම පරාජයට පත්ව තිබේ.
Derana
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...