මත්ද්‍රව්‍ය නාශක අංශයේ කීර්තිමත් පොලිස් පරීක්ෂකවරයෙකු වූ නියොමාල් රංගජීව මහතා එම අංශයෙන් වෙනත් ශ්‍රේෂ්ඨ අංශයකට මාරු කර යැවීමට පොලිස්පතිවරයා විසින් ගන්නා උත්සාහය ජනාධිපති වරයා විසින් අත්හිටුවා ඇති බව වාර්තා වේ.
පාතාලයේ අපරාධකරුවන් අල්ලා ගැනීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ එම නිලධාරියාගෙන් පළිගැනීම සඳහා පාතාල කරුවන් පාරම්බාමින් සිටින බව රටම දන්නා කරුණකි.
ඊට පෙර පාතාල කරුවන් ඔහුට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කළ අතර බොරු පැමිණිලි කොට සිරගත කිරීමට ද කටයුතු කළහ.
එම තත්වයන් යටතේ එම නිලධාරියාගේ ආරක්ෂාව ඉවත් කොට ඔහු පාතාලයට ගොදුරු කළ හැකි සේ ස්ථානමාරුවක් පොලිස්පතිවරයා විසින්ම සිදුකිරීම පිළිබඳව උසස් පොලිස් නිලධාරීහු පුදුමය පළ කරති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...