එක්සත් ජනතා නිදහස් සන්ධාය විපක්ෂයේ සිටින තෙක් ආණ්ඩු පක්ෂයේ සිටීම ගැන එක්සත් ජාතික පක්ෂ වැඩි විශ්වාසයක් තබා නොගන්නා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
2019 වසරේ මුල් මාස 4 සඳහා රජයේ වියදම් ඇතුළත් අතුරු සම්මත ගිණුම මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
කිසිඳු කුමන්ත්‍රනයක් මඟින් එක්සත් ජනතා නිදහස් සන්ධාය විසින් ආණ්ඩුවක් නිර්මාණ නොකළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ රටේ අඩුපාඩුකම් රැසක් තිබියදී ඔවුන් විසින් ආණ්ඩුව බාරගත් බවයි.
පසුගිය එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩු සමයේ බොරතෙල් බැරලයක මිල අඛන්ඩව පහල ගියත් කිසි ලෙසකින් ඉන්ධ මිල අඩු නොවු බවත් ඔවුන් විසින් එය අඩු කිරීමට කටයුතු කළ බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...