පුරවැසි කොලම

ඒ කුමක් වුවත් අද සිංහල බෞද්ධ විරෝධී බලවේග ඒකරාශි වෙලා මාරාන්තික සටනක් කරනවා. ඒ ප්‍රධාන වශයෙන් ම ඔවුන්ගේ ප්‍රෝඩාතන්ත්‍රවාදය රැක ගැනීමට. මහින්ද විපක්‍ෂ නායක වූ විට අර ව්‍යවස්ථා සභාවේ සංයුතිය වෙනස් වෙනවා. සමහරවිට ජාතිකවාදීන් ද එහි සාමාජිකයන් වේවි. එවිට අර ඊනියා ස්වාධීන කොමිෂන් සභාත් රනිල්ට ඕන විධියට වැඩ කරන එකක් නැහැ. ජනාධිපති නිර්දේශ කරන විනිසුරුවන්ගේ නම් ප්‍රතික්‍ෂෙප වෙන එකක් නැහැ. මහින්ද විපක්‍ෂ නායක වූ විට ඔහු සුමන්තිරන් විසින් මෙහෙයවෙන්නේ නැහැ. මහින්ද අගමැති නොව විපක්‍ෂ නායක වීමත් සිංහල බෞද්ධ විරෝධීන්ට මහා ප්‍රශ්නයක්, පරාජයක්.

පොහොට්ටුවේ කතාව ගැන මා ඊයේ සඳහන් කළා. අපි හිතමු මහින්ද හා පිරිස එක්සත් ජනතා නිදහස් සංධානයේ නොවේ ය කියා සුපුරුදු ආකාරයෙන් වැරදි තීන්දුවක් දුන්නා ය කියා. එවිට ඒ පිරිස වෙනුවෙන් මන්ත්‍රීන් නම් කෙරෙන්නේ කරුණාරත්නටවත් දාසනායකටවත් සුමන්තිරන්ටවත් හකීම්ටවත් කිරිඇල්ලටවත් ඕන විධියට නොවෙයි. මහින්ද අමරවීරට ඕන විධියටයි. එවිටත් විපක්‍ෂ නායක වන්නේ එක්සත් ජනතා නිදහස් සංධානයේ අයකු මීස සම්බන්ධන් නො වෙයි. සම්බන්ධන් නොදන්නවාට ඔහුගේ විපක්‍ෂ නායකකම අහෝසි වුණේ රනිල් අගමැති ධුරයෙන් ඉවත් කෙරුණු දිනයේ. ඒ බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. ආණ්ඩුවේ වැඩ කටයුතු කෙරෙන්නේ එලෙසයි. එදා සිට පහුගිය දා මහින්ද විපක්‍ෂ නායක වන තුරු මෙරට විපක්‍ෂ නායක කෙනකු සිටියේ නැහැ. ජඩමාධ්‍යකරුවන් රට අවුලවනවා විපක්‍ෂ නායක දෙදෙනකු ඉන්නවා කියා. ඒ ඔවුන්ගේ මාධ්‍යවල යහපතට මිස රටේ යහපතට නො වෙයි. ජඩමාධ්‍යකරුවන්ට මගේ අදහස් සතපහක් නොවටින්නේ ඇයි ද කියා මා දන්නවා.

රනිල්ලාට මහින්ද හැර එ ජ නි සංධානයේ වෙනත් අයකු විපක්‍ෂ නායක වුණත් කමක් නැහැ. ඔවුන්ට සංධානයේ වෙනත් අයකුවත් විපක්‍ෂ නායක වෙන එක වළක්වන්න බැහැ. ඔවුන්ට අවශ්‍ය මහින්ද දේශපාලන වශයෙන් නැති කරන්න. ඔවුන් මහින්දට විරුද්ධ වන්නේ දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට දේශපාලන නායකත්වය දුන්නේ ඔහු බැවින්. ඔහුට විරුද්ධව බටහිරයන්ගේ නායකත්වයෙන් සියලු සිංහල බෞද්ධ විරෝධී බලවේග පෙළ ගැසී ඉන්නවා.

සිකුරාදා තීන්දුව කුමක් වුවත් ඉන් පසු කළ යුත්තේ කුමක් ද යන්න පැහැදිලියි. නූතන මොල්ලිගොඩලාට සවන් නොදී වෙල්ගම වැන්නන්ට නිසි පාඩම් උගන්වා මෛත්‍රිපාල මහින්ද (ගෝඨාභය) සමගිය තව තවත් ශක්තිමත් කළ යුතුයි. මහින්ද තම ශක්තිය මෛත්‍රිපාලට දී තිබෙනවා. අද මෛත්‍රිපාලත් ශක්තිමත් ව වැඩ කරනවා. පසු බෑම් තියෙන්න පුළුවන්. එහෙත් ජයග්‍රහණය ඈතක නො වෙයි.

DR NALIN DE SILVA



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More