දේශීය පුවත්

2019 වර්ෂයේ පළමු මාස හතර සඳහා වියදම ලෙස රුපියල් බිලියන 1765ක මුදලක් වෙන් කිරීමට ඉදිරිපත් වූ අතුරු සම්මත ගිණුම සඳහා එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ පළමු කැබිනට් මණ්ඩලය ඊයේ (20දා) රැස් වූ අතර, එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම අතුරු සම්මත ගිණුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

2019 ජනවාරි 01 වැනිදා සිට මාස හතරක් සඳහා රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම ඇතුළු රජයේ වියදම් සහ ණය ගෙවීම වෙනුවෙන් අවශ්‍ය වන මුදල ලෙස රුපියල් බිලියන 1765ක අතුරු සම්මත ගිණුමට අනුමැතිය හිමිව තිබේ.

මේ අතරින් රුපියල් බිලියන 990ක මුදල් ජනවාරි 15 වැනිදා වනවිට ශ්‍රී ලංකාව ගෙවීමට ඇති ණය සඳහා වෙන් කිරීමට සිදුවන බවද අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දන්වා ඇත.

කැබිනට් මණ්ඩලයේ සම්මත වූ මෙම අතුරු සම්මත ගිණුම අද (21දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, එය අද දිනයේදීම සම්මත කරගැනීමට නියමිතව ඇති බවද වාර්තා වේ.

උත්සව සමයට පෙර මුදල් වෙන් කිරීමේ අවශ්‍යතාව මත මෙම අතුරු සම්මත ගිණුම අද දිනයේදී පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට ඉදිරිපත් කරන බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.

ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (20දා) පැවැත්වුණු අතර, එය විනාඩි 20කට පමණ සීමා වී තිබිණ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More