ව්‍යාපාරික පුවත්

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය මගින් අඛණ්ඩව 15 වැනි වරටත් පවත්වනු ලැබූ Best Corporate Citizen Sustainability Awards 2018 උළෙල මෙවර කොළඹ සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයේදී පැවැත්වූ අතර එහිදී දිවයිනේ විශිෂ්ඨතම ආයතන 10 අතරට එක්වීමට ලංකා බැංකුව සමත් විය.

ඒ සඳහා වූ සම්මානය ලංකා බැංකුවේ මහා කළමනාකරු සෙනරත් බණ්ඩාර මහතා විසින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ගරු කරු ජයසූරිය මැතිතුමන් අතින් ලබාගන්නා ලදී. තිරසාර සංවර්ධනය යනු ලංකා බැංකුවට නවමු අත්දැකීමක් නොවේ.

1939 සිට ඇරඹුනු ලංකා බැංකුවේ තිරසාර සංවර්ධනයේ වෘත්තාන්තය මේ දක්වා අඛණ්ඩව දශක ගණනාවක් පුරා ලාංකේය ජනතාවගේ මූල්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කරමින් නොනැවතෙන යුග මෙහෙවරක 79 වසරක් නියැලී ඇත. ශක්තිය, ස්ථාවරත්වය සහ විශ්වසනීයත්වය සුරකිමින් නොඩකවා දිවයිනේ අංක 01 බැංකුව බවට පත්වූ ලංකා බැංකුව ජාතියේ ආර්ථික හා මූල්‍ය සංවර්ධනයට දායකත්වය සපයමින් මේ දක්වා තම ආයතනික සමාජීය වගකීම් ද සාර්ථකව ජනතාව වෙත දායාද කරමින් පවතී.

තම සුවිසල් ශාඛා ජාලය ඔස්සේ දිවයිනේ සිව්දෙස විහිදී පැතිරෙමින් සියලුම සමාජ ස්ථර සඳහා තම මූල්‍ය දායකත්වය සපයන ලංකා බැංකුව ජනතාවට මූල්‍ය සාක්ෂරතාව හුරු කරමින් ඔවුන් සමග අඛණ්ඩව බැඳෙමින් ඔවුන්ගේ සියලු ආර්ථික සමාජීය අවශ්‍යතා සඳහා නිසි පිළිතුරු ලබා දෙමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා නිබඳ දායකත්වය සපයනු ලබයි.

බැංකු ක්ෂේත්‍රයේ දැවැන්තයා ලෙස ආර්ථික සමාජීය සහ පාරිසරික වගකීම් දරනා ලංකා බැංකුව තම මෙහෙවර ලෙස වගකීම් සහිත ආයතනික ව්‍යුහයක් බවට පත්වීම ඉලක්ක කරන අතර මේ සඳහා පාරිසරික වගකීම් ඉටුකරමින් සමාජීය කටයුතු සඳහා දායකත්වය දක්වමින් මූල්‍යමය ස්ථාවරත්වය දරන ආයතනික ව්‍යුහයක් බවට පත්වීමට හැකියාව ලබා ඇත.

ආයතනික තිරසාර සංවර්ධනයේ වටිනාකම් ත්‍රිත්වය ලෙස හඳුන්වනු ලබන මානව සම්පත, මිහිතලය සහ ලාභය යන අරමුණු සපුරා ගැනීමට අවශ්‍ය සාර්ව තිරසාර ප්‍රතිපත්ති යාන්ත්‍රණය සමගින් ලංකා බැංකුව ඉදිරියටම ගමන් කරන අතර මෑතකදී බැංකුව විසින් සපුරාගත් දැවැන්ත ඉලක්කයක් ලෙස බැංකුවේ නව ඩිජිටල්කරණ පෙරළිය හඳුන්වාදිය හැකි අතර එමගින් සියලු අපේක්ෂිත ඉලක්ක එකවර සපුරා ගැනීමට බැංකුවට හැකියාව ලැබුණු බව ලංකා බැංකුවේ මහා කළමනාකරු/ප්‍රධාන විධායක නිලධාරී සෙනරත් බණ්ඩාර මහතා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More