පක්ෂයෙන් ඉවත්ව ගිය මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.
නිදහස් පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ, ඒ සඳහා විනය කමිටුවක් පත් කරන බව ය.
පක්ෂයෙන් ඉවත් වූ මන්ත්‍රීවරුන්ට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ අවසන් තීරණය ඉදිරි සති දෙක ඇතුළත රැස්වන මධ්‍යම කාරක සභාවේදී ගන්නා බව ද ලේකම්වරයා පැවසුවේ ය.
ඔහු සඳහන් කළේ, එම මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නැයි පසුගියදා රැස්වූ මධ්‍යම කාරක සභාවේදී ප්‍රතිපත්තිමය තීරණයක් ගත් බව ය.
ඒ අනුව පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ලේකම්වරයා පැවසුවේ ය.
පසුගිය 18 වන දා පාර්ලිමේන්තු රැස්වීම අතරතුර එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ මන්ත්‍රීවරුන් 3 දෙනෙක් ආණ්ඩු පක්ෂයට එක්වූහ.
විජිත් විජයමුණි සොයිසා , ලක්ෂ්මන් සෙනෙවිරත්න සහ ඉන්දික බණ්ඩාරනායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එලෙස ආණ්ඩු පක්ෂයේ අසුන් ගත් අයයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...