දේශීය පුවත්

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ජනාධිපති කොමිෂන් සභා වාර්තා දෙකෙන් ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රිවරුන් හැටදෙදෙනකුගේ නම් හෙළිදරව් වනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ජේ‍යෂ්ඨයෙක් ‘ඉරිදා මව්බිම’ ට ප්‍රකාශ කළේය.

මේ මස 17 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත මහ බැංකු බැඳුම්කර විශේෂ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් ඇතුළු මන්ත්‍රිවරුන් තිස් දෙනකුගේ නම් සඳහන් වන බවත්, බරපතළ වංචා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිෂන් වාර්තාවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් තිස් දෙදෙනකුගේ නම් සඳහන් වන බවත් ශ්‍රී ලනිප ජේ‍යෂ්ඨයකු වැඩිදුරටත් සඳහන් කළේය.

බරපතළ වංචා දූෂණ සොයා බැලූ ජනාධිපති විමර්ශන කොමිෂන් වාර්තාවට සිද්ධි 34ක් ගැන තොරතුරු අඩංගු වන බවද ඔහු වැඩිදුරටත් කීවේය. රාජ්‍ය දේපළ, වත්කම් විනාශ කරන අයට, හොරුන්ට, වංචාකාරයන්ට ඒ සියලු දෙනාට, ඒ අයගේ තත්ත්වය, තනතුරු, පක්ෂය කිසිදෙයක් නොබලා ගතහැකි සියලු තීරණ ගෙන දඬුවම් කිරීමට අවශ්‍ය පසුබිම හදන බව පසුගිය 11 වැනිදා මැදිරිගිරියේ දියසෙන් පුර පැවැති ජන රැලියකදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබිණි.

Mawbima



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More