පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ පසුගිය 16 වැනි ඉරිදා ගොඩකවෙල නගරයේදී පුද්ගගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසට චෝදනා එල්ලව තිබූ බවයි.
ඒ අනුව අද(20) පෙරවරුවේ ඔවුන් ගොඩකවෙල පොලිස් ස්ථානයට ඉදිරිපත් වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති අතර පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...