මහ බැංකු බැදුම්කරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් මහතා අද දින බන්ධනාගාර රෝහල වෙත ගෙන ගොස් ඇත.
ඒ මහතාට උණ රෝගයක් වැළඳි ඇති හෙයින් එලෙස බන්ධනාගාර රෝහල වෙත රැගෙන ගිය බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අතර මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සහ එහි විධායක නිලධාරී කසුන් පලිසේන යන සැකකරුවන් සම්බන්ධ ඇප නියෝගය ලබන 01 වැනිදා ප්‍රකාශ කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (20) නියෝග කළාය.
පැමිණිල්ල වෙනුවෙන් නීතීපති අද ලිඛිත දේශන ගොනු කළ අතර දෙපාර්ශවයේම ලිඛිත දේශන සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝග නිකුත් කළාය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...