දේශීය පුවත්

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යටතේ ඇති ආරක්ෂක අමාත්‍යංශය යටතේ ම පවත්වා ගැනීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි වාර්තා සඳහන් කරයි.

මීට පෙර අභ්‍යන්තර කටයුතු, නීතිය හා සාමය පිළිබඳව වෙනම අමාත්‍යංශයක් පැවතුණ ද මෙවර එහි අභ්‍යන්තර කටයුතු යන විෂය පමණක් ස්වදේශ කටයුතු සහ පළාත් පාලන හා පළාත් සභා ඇමැති වජිර අබේවර්ධන මහතාගේ අමත්‍යංශය යටතට පවරා ඇත.

ඒ අනුව පොලිසිය ජනාධිපතිවරයා යටතේ ඇති ආරක්ෂක අමාත්‍යංශ විෂය පථය යටතේම ගැසට් කෙරෙනු ඇතැයි වාර්තා වේ.

ඔක්තෝබර් 26 වැනි දා ආණ්ඩු මාරුවට පෙර පොලිසිය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ අමාත්‍යංශය යටතේ පැවතුණ නමුත් ආණ්ඩු මාරුවත් සමඟ පොලිසිය ජනාධිපතිවරයා යටතට පත්කෙරිණි.

මේ අතර මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය ද ජනාධිපතිවරයා යටතේම තවදුරටත් පවත්වනු ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More