ප‍්‍රධාන පුවත්

අද වන විට අර්බුදයන්ට රට පත්ව ඇත්තේ ස්වභාවික විපත් නිසා නොවන බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.

ඊට හේතුව වී ඇත්තේ පාලකයන්ගේ වැරදි ආකල්ප, වැරදි මතවාද, වැරදි දර්ශණවාදයන්, වැරදි ප‍්‍රතිපත්ති බව පවසන ඔහු වත්මන් රජය අනුගමනය කරන්නේ අසාර්ක බටහිර මතවාදයක් යයිද සදහන් කරයි.

ඒ මහතා මෙම අදහස් පල කරනු ලැබුවේ ‘මව්බිම වෙනුවෙන් සියනෑවේ වෘත්තිකයෝ’ සංවිධානය විසින් සංවිධානය කල සම්මන්ත්‍රණයකට අන්තර්ජාලය ඔස්සේ සජීවීව සම්බන්ධ වෙමිනි.

හිටපු ආරක්‍ෂක ලේකම්වරයා මේ වන විට විදෙස්ගතව සිටින අතර ඔහු සිරගත කරවීම සදහා රාජපක්‍ෂ පවුල ඇතුලෙන්ම කුමන්ත‍්‍රණයක් තිබූ බවට බස්නාහිර මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා චෝදනා කළේය.

කෙසේ වෙතත් එම ප‍්‍රකාශයට අභියෝගයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා සදහන් කරන්නේ ඒ පිළිබදව තමන් පොලිස් අපරාධ විමර්ශෂ කොට්ඨාශයට පැමිණිලි කරන බවය.

ගෝඨභය රාජපක්ෂ මහතා සජීවීව ස්කයිප් තාක්ෂණය ඔස්සේ

Posted by සිසිත සුයාම on Freitag, 12. Januar 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More