එක්සත් ජාතික පෙරමුණු රජයේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම මීට ටික වේලාවකට පෙර ආරම්භ විය.
මේ වන තෙක් නිල වශයෙන් අමාත්‍ය මණ්ඩලය ජනමාධ්‍ය වෙත නිකුත් කර නැත. මෙම අවස්ථාව ආවරණය කිරීමට ජනමාධ්‍ය වෙත අවස්ථාව ලැබී නැත.
කෙසේ වෙතත් හරීන් ප්‍රනාන්දු මහතා විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම්, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇතැයි දැනගන්නට තිබේ.
අද කැබිනෙට්ටුවේ රවීටත් ඇමතිකමක්
නව අමාත්‍ය මණ්ඩලය අද(20) උදෑසන 8.30ට පමණ දිවුරුම් දීමට නියමිතව තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ ජනාධිපති ලේකම් කර්යාලයෙදි මෙය සිදු වීමට නියමිත බවයි.
කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය හිමි වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර, මංගල සමරවීර මහතාට මුදල් අමාත්‍යාංශය ද පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතාට ප්‍රවාහන අමාත්‍යාංශය ද හිමි වීමට නියමිත බව වාර්තා වෙයි.
එමෙන්ම සාගල රත්නායක මහතාට වරාය සහ නාවික අමාත්‍යාංශය හිමි වෙනු ඇතැයි ද සඳහන් වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...